අන්තර් පළාත් විස්සයි 20 කාන්තා ක්‍රිකට් තරගාවලිය 24 වැනිදා සිට 29 වැනිදා දක්වා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි 20 කාන්තා ක්‍රිකට් තරගාවලිය කොළඹ, මහනුවර, ගාල්ල සහ දඹුල්ල යන කණ්ඩායම් හතරේ සහභාගීත්වයෙන් මේ මස 24 වැනිදා සිට 29 වැනිදා දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලියේ මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් සමගින් එක්වර බැගින් තරග වැදිය යුතු වන අතර එහිදී වැඩිම ජයග්‍රහණ අත්කරගන්නා කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනු ඇත.

සෑම කණ්ඩායමකටම ක්‍රීඩිකාවන් 15 දෙනා බැගින් ඇතුළත්ව සිටින අතර ඕෂධී රණසිංහ කොළඹ කණ්ඩායමේත්, හර්ෂිතා මාධවී මහනුවර කණ්ඩායමේත්, නිලක්ෂි සිල්වා ගාල්ල කණ්ඩායමේත්, චමරි අතපත්තු දඹුල්ල කණ්ඩායමේත් නායිකාවන් ලෙස කටයුතු කරති.

කොළඹ කණ්ඩායම
ඕෂධී රණසිංහ (නායිකා), හසිනි පෙරේරා, අමා කාංචනා, ඉනෝෂි ප්‍රනාන්දු, දිලානි මනෝදාරා, අචිනි කුලසූරිය, ඉමල්කා මෙන්ඩිස්, ෂෙරීන් රවිකුමාර්, රෝස් පෙරේරා, ජනනි කෞෂල්‍යා, සුදර්ෂිකා බණ්ඩාර, කෞෂල්‍යා මධුමාලි, සිත්මි හිරාෂා, විශ්මි රාජපක්ෂ සහ මෙත්මා දෙව්මි

මහනුවර කණ්ඩායම
හර්ෂිතා මාධවී (නායිකා), කවීෂා දිල්හාරි, සත්‍යා සංදීපනී, උමේෂා තිමේෂානී, සයනි ඕෂධී, මල්ෂා රණතුංග, ජිනාංජලී විජේනායක, තාරුකා ෂෙහානී, තාරිකා සෙව්වන්දි, සචිනි දිල්ෂානි, නිලක්ෂණා සඳමිණී, ජනදි අනාලි, ලිහිණි අප්සරා, සචිනි නිසංසලා සහ ෂිකාරී නුවන්තිකා

ගාල්ල කණ්ඩායම
නිලක්ෂි සිල්වා (නායිකා), අනුෂිකා සංජීවනී, යසෝධා මෙන්ඩිස්, උදේෂිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, මල්ෂා ෂෙහානි, එම්. මෙත්තානන්ද, හර්ෂණී විජේරත්න, ක්‍රිෂාන්ති සඳමාලි, සකුන්තලා ද සිල්වා, සුලේෂා සත්සරණි, සකුණි විජේසිංහ, තිළිණි නිවර්තනා, ඉමේෂා දුලානි සහ තිල්ෂියා චතුරංගි

දඹුල්ල කණ්ඩායම
චමරි අතපත්තු (නායිකා), ප්‍රසාදිනී වීරක්කොඩි, හංසිමා කරුණාරත්න, ශෂිකලා සිරිවර්ධන, සුගන්දිකා කුමාරි, ශෂිකලා සිල්වා, සදනි සිල්වා, නිලූකා කුෂාන්ති, ඉරේෂා ශ්‍යාමලී, සමාධි මල්ෂා, නයෝමී සාගරිකා, දෙව්මි විහංගා සහ කෞෂි නුත්‍යාංගනා