අයිපීඑල් කාල සටහන නිකුත් වෙයි

අයිපීඑල් විස්සයි විස්ස තරගාවලියේ කාල සටහන එළි දැක්වීම අද සිදු කෙරිණි. ඒ අනුව තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සැප්තැම්බර් 19 වැනිදා සිට පැවැත්වේ.
තරගාවලියේ සමාරම්භක තරගය ලෙසින් ලබන 19 වැනිදා අයිපීඑල් ශූරයින් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංගස් කණ්ඩායම අතර තරගව පැවැත්වේ.
ආරම්භක තරගයෙන් පසුව ඩුබායි සිය පළමු තරගය 20 වැනිදා දිල්ලි කැපිටල්ස් සහ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම හා තුන්වන තරගය 21 වැනිදා සන්රයිසස් හයිද්‍රාබාද් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් අතර පැවැත්වේ.
සැප්තැම්බර් 22 වැනිදා රාජස්තාන් රෝයල් සහ චෙන්නායි සුපර් කිංගස් අතර තරගය සාජා හී පැවැත්වෛ්.
තරගාවලියේ පළමු තරගය පසුවරු 3.30ට ආරම්භ වන අතර අනෙක් සියලුම තරග පස්වරු 7.30ට ආරම්භ වේ.
තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන ස්ථානය පසුව ප්‍රකාශයට පත් කෙරේ