හිමාෂගේ වාර්තාව කැඩූ යුපුන් අබේකෝන් දකුණු ආසියාවේ කඟවේනා වෙයි

දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා වශයෙන් නව වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් විය. ජර්මනියේ පැවැති ආරාධිත ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී ඔහු විසින් බිඳ දමනු ලැබුවේ
ශ්‍රී ලංකාවේ හිමාෂ ඒෂාන් විසින් පිහිටුවා තිබූ වාර්තාවයි.
ඉකුත් වසරේදී හිමාෂ ඒෂාන් විසින් මීටර් 100 දකුණු ආසියානු වාර්තාව තමන් සතු කරගනු ලැබුවේ තත්පර 10.22 කින් තරගය නිමා කරමිනි. අදාළ වාර්තාව අලුත් කළ යුපුන් අබේකෝන් තත්පර 10.16 කින් තරගය නිමා කරමින් නව වාර්තාවක් සමග රන් පදක්කම දිනා ගත්තේය.
අදාළ ඉසව්වේ දෙවැනි ස්ථානයට පත් වූ ජර්මනියේ මීටර් 100 ශූරයා වන අලාම් ඩෙනිස් තරගය තත්පර 10.18 කින් නිමා කළ අතර ලෝකඩ පදක්කම දිනා ගත් අස්කොවික් අල්කාසා තත්පර 10.41 කින් තරගය නිමා කළේය. යුපුන් අබේකෝන් මේ වන විට ඉතාලියේ නේවාසිකව පුහුණුවීම්වල නිරතව සිටියි.