අයි.පී.එල්. කප් එකට මහේල ප්ලෑන් කරයි

ඉන්දියානු ප්‍රිමියර් ලීග් හෙවත් අයි.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (27 දා) සහ හෙට (28 දා) ඉන්දියාවේදී පැවැත්වෙන අතර එහිදී මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වයෙන් යුත් මුම්බායි කණ්ඩායමට අවශ්‍ය ක්‍රීඩකයන් කවුරුන්ද යන්න මහේල මාධ්‍ය හමුවේ පවසා තිබේ.
ඉකුත් වසරේ පැවැති අයි.පී.එල්. ශ+රතාව දිනා ගැනීමට සමත් වූයේද මහේල ජයවර්ධන පුහුණුකරු තනතුර දැරූ මුම්බායි ඉන්දියන් කණ්ඩායමයි. zවෙන්දේසිය හැමෝට විවෘතයි. එතනදි ඕන දෙයක් වෙන්න පුළුවන්. හැම කණ්ඩායමක්ම උත්සහ කරන්නේ හොඳම සංයුතිය සකස් කර ගන්න. අපිට අවශ්‍ය ගියවර වගේ කණ්ඩායමක් හදා ගන්නයි. එහිදී විශිෂ්ඨ ගණයේ ක්‍රීඩකයන් අපි හඳුනා ගන්න ඕන. අපි උත්සහ කරන්නේ ඔප මට්ටම් නොකළ දියමන්ති සොයා ගන්නයි.Z යනුවෙන් මහේල අද පැවැත්වෙන වෙන්දේසිය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.