ජාතික මේස පන්දු ශුරතාව පිට පිට පස්වැනි වරටත් උදයට

ගල්කිස්ස ශා.තෝමස් විදුහල් ක්‍රීඩාගාරයේ පැවැති 71 වැනි ජාතික මේස පන්දු තරගාවලියේදී අඛණ්ඩව පස්වැනි වරටත් ශුරතාව දිනා ගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහ සමත් වු අතර එම ශුරිය ලෙස යුද හමුදවේ එරන්දි වරුණවිතාන සම්මාන ලැබුවාය.
පිරිමි කේවල තරගයේදී උදය රණසිංහ විසින් විද්‍යාර්ථ විදුහලේම ක්‍රිෂාන්ත වික්‍රමරත්නව තරග වට 4-1 කින් පරාජය කළේය. එම තරග වට අතර 11-6, 11-07, 11-07, 7-11 සහ 11-09 වශයෙන් නිමා විය. ඒ අනූව 2013 වසරේ සිට අඛණ්ඩව ශුරතාව දිනා ගැනීමට උදයට හැකිවිය.
කාන්තා කේවල අවසන් තරගයේදී එරන්දි වරුණවිතාන විසින් කොළඹ විශාඛා විදුහලේ හංසනී පියුමා තරග වට 4-1 කින් පරාජය කළ අතර එම තරග වට 11-04, 11-03, 04-11, 11-07 සහ 11-08 ක් වශයෙන් සටහන් විය.
තරාවලියේ දක‍ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉෂාරා මධුරංගිද, දක‍ෂතම ක්‍රීඩකයා ලෙස උයද රණසිංහද සම්මාන ගත්හ. මෙම තරගාවලියේ දක‍ෂතා දැක්වු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2021 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් පුහුණු කිරීමට මේස පන්දු සංගමය කටයුතු යොදා තිබේ.