කෙන්යානු ඔලිම්පික් ශූරයාට අපචාර චෝදනාවක්

කෙන්යානු ඔලිම්පික් ශූර කොන්සෙස්ලස් කිප්රුටෝ විසින් වාල වයස්කාරියක් දූෂණය කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. ඒ අනුව අදාළ චෝදනාව සම්බන්ධයෙන් පසුගිය දා අත් අඩංගුවට ගනු ලැබූ කොන්සෙස්ලස් කිප්රුටෝ එරට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
2016දී පැවැති රියෝ ඔලිම්පික් තරගාවලියේදී මීටර් 3000 ස්ටීපල්චේස් මලල ක්‍රීඩා රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ 25 හැවිරිදි කොන්සෙස්ලස් කිප්රුටෝ වයස අවුරුදු 16ක දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් පසුගිය 11 වැනිදා අත් අඩංගුවට ගෙන තිබිණි. කෙන්යානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට කොන්සෙස්ලස් කිප්රුටෝ විසින් අවස්ථා දෙකකදී අදාළ දැරිය දූෂණය කර තිබෙන අතර අධිකරණය හමුවේදී කිප්රුටෝ විසින් එම චෝදනාව ප්‍රතිඣෙෂ්ප කිරීම හේතුවෙන් ඩොලර් 1800ක ඇප මත නිදහස් කර තිබේ.
කෙසේ වෙතත් අදාළ නඩුව නැවතත් ලබන 2021 මැයි මාසයේදී විභාගයට ගැනීමට නියමිත අතර එහිදී කොන්සෙස්ලස් කිප්රුටෝ වැරදි කරු බවට සනාථ වුවහොත් එරට නීතියට අනුව වසර 20ක සිර දඬුවමකට යටත්වීමට කොන්සෙස්ලස් කිප්රුටෝ හට සිදු වේ.