කුමාර් ධර්මසේනගේ ලෝක ක‍්‍රිකට් කණ්ඩායමට සනා, මුරලි සහ සංගා නම් කරයි

ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක මෙන්ම වත්මන් ජාත්‍යන්තර ක‍්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන විසින් එතෙක් මෙතෙක් තමා දැකපු ලොව හොඳම ක‍්‍රීඩකයන් 11 දෙනාගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබේ. එම කණ්ඩායමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් තිදෙනකුම ඔහු ඇතුළත් කර ඇත.
1993 වසරේදී ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට පිවිසි කුමාර් 2004 වසරේදී සිය ක‍්‍රිකට් දිවියට සමුදුන්නේය. අනතුරුව 2009 වසරේ සිට ජාත්‍යන්තර ක‍්‍රිකට් විනිසුරුවරයකු වශයෙන් රාජකාරී කරන ඔහු ලොව හොඳම ක‍්‍රිකට් විනිසුරුවරයා වශයෙන් දෙවරක්ම සම්මාන දිනා ගත්තේය.
ධර්මසේන විසින් නම් කළ ලෝක කණ්ඩායම (පිතිකරණ ලැයිස්තුව අනූව*
මැතිව් හේඞ්න්, සනත් ජයසුරිය, රිකී පොන්ටින්, සචින් ටෙන්ඩුල්කාර්, බ‍්‍රයන් ලාරා, කුමාර් සංගක්කාර, ජැක් කලීස්, වසීම් අක‍්‍රම්, මුත්තයියා මුරලිදරන්, ෂේන් වෝන් සහ ග්ලෙන් මැක්ග‍්‍රාත්