කොරෝනා අස්සේ ඔලිම්පික් තියනවාට ජපානය විරුද්ධ වෙයි

ලබන ජූලි මාසයේ ආරම්භ වීමට නියමිත ජාත්‍යන්තර ඔලිම්පික් තරගාවලිය කල් දමන්නැයි ජපානයේ බහුතරයක් ඉල්ලද්දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තවදුරටත් තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමේ උත්සහයක නිරතව සිටිති. මෙවර ඔලිම්පික් තරගාවලිය ජූලි 23 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා ටෝකියෝ නුවර කේන්ද්‍රකරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
කෙසේ වෙතත් උද්ගතවී ඇති ගෝලීය වසංගතය හමුවේ ලක්ෂ සංඛ්‍යාත රෝගීන් සහ මෘත දේහ ලොව නන්දෙසින් වාර්තා වද්දී ඔලිම්පික් පැවැත්විය නොහැකි බව ජපානයේ පොදු මතය වී තිබේ. දස දහසකට අධික තරගකරුවන් මෙන්ම පන්දහසකට අධික නිළධාරීන්, පුහුණුකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලය ඔලිම්පික් උළෙලට පැමිණීමට නියමිතව තිබේ.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බැච් මෙවර ඔලිම්පික් පැවැත්වීම සිදුක යුතු බවත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ඔලිම්පික් සිහිනය සැබෑ කිරීමට තමන් කටයුතු කරන බවත් පවසයි. නමුත් ජපාන අග‍්‍රාමාත්‍ය යොෂිහයිඞ්ද පවසන්නේ තරගාවලිය මේ වසරේදී පැවැත්වීම කාලෝචි නොවන බවයි.
ජපානයේ මිලියන 126 ක ජනතාවගෙන් එන්නත් ලබාදී ඇත්තේ සියයට දෙකත් හතරත් අතර ප‍්‍රමාණයකට පමණි. ටෝකියෝ ඇතුළු ප‍්‍රදේශ 10 ක් වසංගත තත්ත්වය හේතුවෙන් හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර තිබේ. ඔවුන්නේ මේදක්වා මිය සංඛ්‍යාව 12497 කි. එවැනි තත්ත්වයක මොන ඔලිම්පික්ද යනුවෙන් ජපාන ජනතාව සඳහන් කරයි.
මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වීමට අකමැත්ත ප‍්‍රකාශ කරමින් ජපාන වැසියන් 83% ක් ඡුන්දය ප‍්‍රකාශ කර ඇත්තේ ඒ වෙනුවෙන් කරන ලද සමීක්ෂණයකදීය. ඒ අනූව මෙවර ඔලිම්පික් උළෙල තවත් වසරකින් කල්දැමිය යුතු යැයි ජපානයේ තරග සංවිධායකයන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලා සිටින බවද සඳහන් වේ.