‌කුසල් සහ අසේල නැවතත් කරළියට

අාබාධයන්ට ලක්ව කණ්ඩායමෙන් ඉවත්ව සිටි ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහ තුන්ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න එළඹෙන ශ්‍රී ලංකා ඉන්දියා එක්දින තරගාවලියට කැදවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ.
ඒ අනුව ලබන 10 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන තරග 3කින් සමන්විත ඉන්දු ලංකා ‌එක්දින තරගාවලිය සදහා නම් කළ සංචිතයට කුසල් සහ අසේල ඇතුලත්ව සිටින අතර ආබාධයන් හේතුවෙන් මාස කිහිපයක් එක්දින තරග ක්‍රීඩා නොකළ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ද මෙවර ඉන්දියාවට එරෙහිව තරග වැදීමට සූදානමින් සිටී. එහිදී ආබාධ හේතුවෙන් දැන් ක්‍රියාත්මක ටෙස්ට් තරග අතරතුරදීද පන්දු යැවීමෙන් වැළකී සිටින මැතිව්ස් එක්දින තරගාවලියේදී පන්දු යැවීමටද සූදානමින් සිටින බව වාර්තා වේ.
මේ අතර අයහපත් හැසිරීම් හේතුවෙන් තරග තහනමකට ලක්ව සිටි දනුෂ්ක ගුණතිලකද එළඹෙන තරගාවලියේදී නැවතත් එක්දින පිටියට පැමිණීමට නියමිත අතර ඉන්දියාව සමග එක්දින තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් නම්කළ සංචිතය මෙසේය.

තිසර පෙරේරා (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, චතුරංග ද සිල්වා, අකිල ධනංජය, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, සදීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර, සචිත් පතිරණ සහ කුසල් ජනිත් පෙරේරා