ලසිත් මාලිංග නායකත්වයේ ඔටුන්න සමග යළි පිටියට

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නද තවමත් විස්සයි විස්ස ක්‍රිකට් තරග ක්‍රීඩා කරන ලසිත් මාලිංග ලබන මස 1 වැනිදා ආරම්භ වන නවසීලන්තය සමග විස්සයි විස්ස තරගාවලියේදී නායකත්වයේ ඔටුන්න සමග පිටියට පිවිසීමට වැඩ ආරම්භ කර තිබේ.
ලසිත් මාලිංග එළැඹෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරනු ඇතැයි වාර්තා වන අතර ඒ අතරතුර ශ්‍රී ලංකා පිලට ඇති තරගවලදී සිය කණඩායම කෙසේ විය යුතුද යන්න ලසිත් මාලිංග සහ ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා සමග සාකච්ඡාවක්ද පවත්වා තිබේ.
නවසීලන්තය සමග විස්සයි විස්ස තරග තුනක් පැවැත්වෙන අතර ඒ වෙනුවෙනන් අවශ්‍ය කණ්ඩායම කෙසේ විය යුතුද සහ තමාගේ සැලැස්ම සම්බන්ධයෙන්ද මාලිංග සිය අදහස තේරීම් කමිටුවට පවසා තිබේ. ඒ අනූව නව සැලැස්මක් සහිතව නවසීලන්තය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට මුහුණ දීමට ශ්‍රී ලංකා පිල මේ ව විටත් සුදානම් වෙමින් තිබේ.