රන් සපත්තුවක් ලැබූ මෙසීට යූරෝ මිලියන 700 ක කොන්ත්‍රාත්තුවක්

Barcelona's Lionel Messi poses with his Golden Boot trophy during a ceremony in Barcelona, Spain, November 24, 2017. REUTERS/Albert Gea

පාපන්දු ලොව විශිෂ්ඨතමයන් අතර ආර්ජන්ටිනාවේ ලයනල් මෙසීට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඔහු පාපන්දුවෙන් දක්වන පෙරළිකාර හැකියාව නොයෙකුත් සම්මාන ලැබුවද පසුගියදා සිය පාපන්දු දිවියේ විශිෂ්ඨතම සම්මානයක් හිමිකර ගැනීමට සමත් විය. ඒ 2017 විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ලෙස මෙසී සම්මානයට පාත්‍රවීමයි. අදාළ සම්මානය ඔහු ලබා ගත් සිව්වැනි අවස්ථාවද මෙය වේ.
ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන මෙසී 2016/17 ලා ලීගා තරගවලියේ ලබාගත් ගෝල 37 වෙනුවෙන් අදාළ සම්මානය හිමිව තිබේ. මෙසී ලැබුණු සම්මානය රන් සපත්තුවකි.
ලයනල් මෙසී විසින් මීට පෙර 2010, 2012 සහ 2013 තරගාවලියේදී අදාළ රන් සපත්තුවේ හිමිකරුවා වූ අතර ඔහුට අමතරව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝද අදාළ සම්මානය සිව්වරක් දිනා ගෙන තිබේ.
කෙසේ වෙතත් ලයනල් මෙසීගේ වත්මන් දක‍ෂතා හේතුවෙන් බාර්සිලෝනා කණ්ඩායම යූරෝ මිලියන 700 ක නව කොන්ත්‍රාත්තුවක් ඔහුට ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 2021 දක්වා මෙසී අදාළ ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබේ.