අඩු පඩි ගත් මහේල ගැන ගෝලයෝ කියන කතා

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ධුරයට පත්වූ මහේල ජයවර්ධන සිය රාජකාරිය දේවකාරිය කරමින් වැටුපට වඩා දක්ෂතාව මුවහත් කිරීමේ කර්තව්‍ය භාර ගත්තේය. එතැන් සිට ඔහුගේ ප‍්‍රධාන පුහුණුකාර ධූරය යටතේ තෙවතාවක්ම ශූරතාව දිනූ මහේලට හිමිවන වැටුපනම් අනෙක් පුහුණුකරුවන්ට වඩා අඩු බව වාර්තා වේ.
ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් දැවැන්ත සාර්ථකත්වයක් ලබා තිබියදී මහේලට හිමිවන්නේ ඇමරිකානු ඩොලර් 280,400 ක් හෙවත් ශ‍්‍රී ලංකා රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් බව වාර්තා වේ. නමුත් අයි.පී.එල්. පරාජිත කණ්ඩායම්වල පුහුණුකරුවන් වන ස්ටීවන් ෆ්ලෙමින් (චෙන්නායි) ඇ.ඩො. 476,680 කටද, සයිමන් කැටිච් (රෝයල් චැලේන්ජ් බැංගලෝර්) ඇ.ඩො. 560,800 කටද, බ්‍රෙන්ටන් මැකලම් (කොල්කටා නයිට් රයිඩර්ස්) ඇ.ඩො. 476,680 කටද, අනිල් කුම්බ්ලේ (පන්ජාබ්) ඇ.ඩො.560,800 කටද, රිකී පොන්ටින් (දිල්ලි කැපිටල්) ඇ.ඩො. 476,680 කටද, ටෙ‍්‍රවර් බේලිස් (සන්රයිසස්) ඇ.ඩො. 280,400 කට සහ ඇන්ඩෘ මැක්ඩොනලඞ් (රාජස්තාන් රෝයල්) ඇ.ඩො.476,680 කට අදාළ කණ්ඩායම් මිලදී ගෙන තිබේ.
‘‘මට පුහුණුකරුවකු වශයෙන් මුම්බායි කණ්ඩායමේ ගත කළ අවුරුදු හතරේදී ලොකු අභියෝගයක් තිබ්බා. ඒක මම සතුටින් බාර අරගෙන හොඳින් කළා කියලා හිතනවා. මුම්බායි කණ්ඩායමට ඕනෑම වෙලාවක තදින් පහර දිය හැකි පිතිකරුවන් ඉන්නවා. ඕනෑම වෙලාවක විස්සයි විස්ස තරගවල එළියට පහරවල් එල්ල කළ හැකි ක‍්‍රීඩකයන් හතක් ඉන්නවා. ඔවුන්ගේ පුහුණුකරු ලෙස මෙතෙක් අත්කර ගෙන ඇති දේ ගැන සතුටු වෙනවා.’’ යැයි මහේල පවසයි.

මහේල ගැන මුම්බායි ගෝලයෝ කියන කතා
රෝහිත් ෂර්මා – ‘හොඳ උපායශීලිවාදියෙක්. මම ඔහු සමග ගත කළ පසුගිය අවුරුදු 3 හෝ 4 ක කාලයේදී ඔහුගේ සැලසුම් සහ උපාය මාර්ග ඉතා හොඳ බව තේරුම් ගත්තා.’
සහීර් ඛාන් – ‘දුෂ්කර කාර්්‍යයකට අති දක්ෂයා’
ජස්ප‍්‍රිට් බුම්රා – ‘උපායශීලි මිනිසාඒ විතරක් නෙමෙයි ගොඩක් සැලසුම් තියෙනවා.’
අදිත්්‍යා ටාරේ – ‘ඔහු සමූහයක්. මම ඔහුගේ පිතිකරණයට ප‍්‍රිය කළා. ඉතින් ඔහු සම්භාව්‍යයි’
කෘරනල් පාණ්ඩ්‍යා – ‘ඔහු නිහතමානියි’
ක‍්‍රිස් ලයින් – ‘‘කෝපාවිෂ්ට ගෝල්ෆ් ක‍්‍රීඩකයෙක්
කිරන් පොලාර්ඞ් – ‘උපායශීලියා’
ටෙ‍්‍රන්ට් බෝල්ට් – ‘ඔහුට හොඳ බුද්ධිමත් මොළයක් තියෙනවා සහ විශිෂ්ඨ ලෙස පුද්ගලයන්ව පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා’