මැරතන් ශූරයා තරංග – ශූරිය ඉරේෂා

33 වැනි ජාතික යෞවන කී‍්‍රඩා උළෙලේ පිරිමි මැරතන් ශූරතාව මාතර දිස්ති‍්‍රක්කයේ එච්.එච්.එ්. තරංග (පැය 2.37.29) කී‍්‍රඩකයා විසින් දිනා ගැනීමට සමත්වූ අතර එහි කාන්තා ශූරතාව කළුතර දිස්ති‍්‍රක්කයේ එච්. ඉරේෂා සඳරේණු ප‍්‍රනාන්දු (පැය 1.32.37) විසින් දිනා ගත්තාය.

තරුණ හ කී‍්‍රඩා අමාත්‍යාංශය, ජාතික තරුණසේවා සභාව සහ ශී‍්‍ර ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන මෙම කී‍්‍රඩා උළෙලේ කිලෝමීටර් 42.975ක දුරකින් යුක්ත පිරිමි මැරතන් තරගය ඊයේ (12 වැනිදා) කොළඹ ගාලූමුවදොර කී‍්‍රඩා පිටිය අසලින් ආරම්භ වී ගාලූපාර ඔස්සේ ගොස් කළුතර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය අසලින් අවසන්විය.

පිරිමි මැරතන් තරගයේ දෙවැනි ස්ථානය ගම්පහ දිස්ති‍්‍රක්කයේ ඩබ්. එ්. සසේන් මාලක (පැය 2.39.39* විසින් දිනා ගත් අතර තෙවැනි ස්ථානය කළුතර දිස්ති‍්‍රක්කයේ පී. කේ. නිරෝෂ් අංජුලට විසින් දිනා ගැනීමට සමත්විය.

කිලෝමීටර් 21.975ක දුරකින් සමන්විත වූ කාන්තා අර්ධ මැරතන් තරගය කොළඹ ගාලූමුවදොර පිටිය අසලින් ආරම්භ වී මොරටුව අලූත් පාර අසලින් අවසන් වීය. එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙලින් ගම්පහ දිස්ති‍්‍රක්කයේ එච්.එම්. ගයානි බුද්ධිකා (පැය 1.34.30* සහ මාතර දිස්ති‍්‍රක්කයේ හිරුණි දිල්මිණි සුදසිංහ (පැය 1.38.47* විසින් දිනා ගත්තාය.

33 වැනි ජාති යෞවන කී‍්‍රඩා උළෙල මෙම මස 19,20,21 සහ 22 යන දිනවලදී කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.