ජාතික ක්‍රිකට් පුහුණු බලය මහේලට

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම්වල “පුහුණු උපදේශක ” ලෙස පත් කර තිබේ. 2022 ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි, මහේලගේ පත්වීම වසරක කාලයක් සඳහා වන අතර, තාක්ෂණික උපදේශක කමිටුව සමඟ සාකච්ඡා කර ලැබුණ උපදෙස් මත ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම පත්කිරීම සිදු කරන ලදී.

ඔහුගේ නව භූමිකාව අනුව මහේල ජයවර්ධන ජාතික කණ්ඩායම්වල සමස්ත ක්‍රිකට් භාරව කටයුතු කරන අතර ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ සිටින ක්‍රීඩකයින් සහ කළමනාකරණ කණ්ඩායම් සඳහාද අගනා උපායමාර්ගික සහය ලබා දෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ලබන වසරේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලානය ගැනද සැළැකිලිමත් වෙමින් ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟද මහේල දිගටම කටයුතු කරනු ඇත.