පැරා ගිය ජනනිගෙන් පදක්කම් හැට්ට්‍රික් එකක්

බහරේනයේදී පැවැත්වෙන ආසියානු යොවුන් පැරා කී‍්‍රඩා උළේලේදී ඊයේ (05 වැනිදා) පැවැති පිහිනුම් තරග ඉසව් දෙකකදී රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ගලීනා බස්නායක සමත්වූවාය.

එස් 6-10 කාණ්ඩයෙන් මීටර් 100 නිදහස් ආර කාන්තා ඉසව්ව නියෝජනය කළ ගලීනා බස්නායක එහිදී රන් පදක්කම දිනා ගැනීමට සමත්වූවාය. එ් එම ඉසව්ව මිනිත්තු 1.12.09 කින් නිමාවට පත් කරමිනි.

එස් 6-10 කාණ්ඩයෙන් මීටර් 100 සමනළ ආර කාන්තා ඉසව්වද නියෝජනය කළ ගලීනා ඊයේ එහිදී එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත්වූවාය. එහිදී ඇය වාර්තා කළ කාලය මිනිත්තු 1.32.86කි.

මීට අමතරව තරගාවලියේ පෙරේදා (04 වැනිදා) ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ජේසන් ජයවර්ධන කවපෙත්ත ඉසව්වෙන් එෆ් 40-41 කාණ්ඩයෙන් රිදී පදක්කම

හිමිකරගැනීමට සමත්විය.

කුලියාපිටිය සුර¥ත බාලිකා විද්‍යාලයේ ජනනී වික‍්‍රමසිංහ, දුර පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම (මී.4.38* හා මීටර් 100 ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමිකර ගත්තාය.

ඇය තරගාවලියේ ටී42-47 කාණ්ඩයෙන් තරග වදින අතර මීටර් 200 ඉසව්වෙන්ද ලෝකඩ පදක්කම හිමි කරගත්තාය.

කැකුනගොල්ල අරක්යාල මුස්ලිම් මහා විද්‍යාලයේ මොහොමඞ් සෆ්රාන් 17 න් පහළ ටී42-47 කාණ්ඩවල මීටර් 100 පිරිමි ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත් අතර කොළඹ ලූම්බිණි විද්‍යාලයේ, ඉසුරු වීරක්කොඩි 20 න් පහළ ටී42-47 කාණ්ඩවල මීටර් 100 පිරිමි ඉසව්වේ සිව්වැනි ස්ථානයට පත්විය.