මිනෝද් භානුකට එක්දින වරම්

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද (02 දා) කරච්චි ජාතික ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයේදී එක්දින වරම් ලැබීමට 24 හැවිරිදි මිනෝද් භානුක සමත් විය. ඔහු ශ‍්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් ලැබු 192 වැනි ක‍්‍රීඩකයාද වේ.
කුරුණෑගල මලියදේව විදුහලේ ආදි සිසුවක වන මිනෝද් භානුක පළමු පෙළ එක්දින තරග 45 කදී ශතකයක් සහ අර්ධ ශතක පහක් සමග මුළු ලකුණු 1019 ක් ලබා තිබේ. ඔහු පළමු පෙළ තෙදින තරග 45 කදී ශතක 9 ක් සහ අර්ධ ශතක අටක් සමග ඉනිමක සාමාන්‍ය 43.90 ක් වාර්තා කරගෙන තිබේ. එහිදී වැඩිම ලකුණු සංඛ්‍යාව 343 කි.