මන්චී ජාතික වොලිබෝල් ශූර ශූරියෝ….

කණ්ඩායම් 4000 කට අධික සංඛ්‍යාවක සහභාගීත්වයෙන් පැවැති මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි ශූරතාව ලංකා විදුලිබල මණ්ඩලය කණ්ඩායම පරාජය කළ වරාය අධිකාරී කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.
සුපර්ලීග් කාන්තා ශූරතාව ගුවන් හමුදා ක්‍රීඩිකාවන් විසින් දිනා ගත් අතර එම අනුශූරතාව යුද හමුදාවට හිමිවිය. නව කණ්ඩායම් පිරිමි ශූරතාව නාත්තණ්ඩිය එක්සත් ක්‍රීඩා සමාජය විසින්ද එම අනුශූරතාව කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් කණ්ඩායම විසින්ද දිනා ගන්නා ලදී.
ආධුනික තරගාවලියේ කාන්තා ශූරතාව පොළොන්නරුව හයිද්‍රාමනී ක්‍රීඩා සමජයට සහ අනුශූරතාව මහඋස්වැව රතනපා ක්‍රීඩා සමාජයට හිමිවිය. අනුශූරතාව හිමිවිය.
සටහන – නුවන් ජයතිස්ස