ක්‍රිකට් නිලවරණය කල් යන නඩුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය වෙනුවෙන් පත්කරන ලද අභියාචනා කමිටුව පත්කිරීම සම්බන්ධයෙන් වන ක්‍රීඩා නීතියේ සිංහල සහ ඉංග්‍රීසි මුද්‍රණයේ ඇති පරස්පරතාව හේතුවෙන් නීතිපති උපදෙස් ගැනීමට සිදුව තිබේ. ඒ අනූව ලබන පෙබරවාරි මස 7 වැනිදාට ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති අතර එසේ වුවහොත් පිරිසක් නඩු මගට යෑමටද සූදානමක් පවතී.
ක්‍රිකට් නිලවරණයේ නාම යෝජනා 15 කට විරෝධතා එල්ලවී තිබියදී අභියචනා කමිටුව සම්බන්ධයෙන් මෙම නීති ප්‍රශ්නය පැන නැගීමෙන් ක්‍රිකට් නිසි බළධාරියා සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වන චූලානන්ද පෙරේරා මහතා අයි.සී.සී.යද දැනුවත් කර තිබේ.