මුරලිට ලැබුණු ආණ්ඩුකාර පදවිය ප්‍රතික්ශේප කරයි

හිටපු ලෝක පූජිත දඟ පන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන් උතුරු පළාතේ ආණ්ඩුකාර ධුරයට පත්කිරීමට මෑතකදී තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම මුරලි විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
ලොව වැඩිම ටෙස්ට් හා එක්දින කඩුලු ලාභියා වන මුරලි පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් විවෘතව සහයෝගය දුන් අයෙකි.

ගෝඨාභය මහතා පසුගිය සඳුදා ශ්‍රී ලංකා ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසුව මුරලිදරන් හට අදාළ තනතුර වෙනුවෙන් ආරාධනා කර ඇතැයි වාර්තා වන අතර
මුරලි තම පවුලේ සාමාජිකයන් හා හිතවතුන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු නිහතමානීව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන බව ශ්‍රී ලංකා ස්පෝට්ස් වෙත වාර්තා විය.