ජාතික කඹ ඇදීමේ හපනුන් 26 වැනිදා ටොරින්ටන් වලදී සටනට එයි

16වැනි ජාතික කඹ ඇදීමේ ශූරතාවලිය 2021 දෙසැම්බර් 26දා කොළඹ ටොරිංටන් ක්‍රීඩාංගණයේදී
පැවැත්වීමට ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනය කටයුතු සංවිධානය කර ඇත.
එනම් තවත් සතියකින් පැවැත්වීමට නියමිත මෙම කඹ ඇදීමේ ශූරතාවලිය එදින උදෑසන 6.00ට ආරම්භ කිරීමට සැළැසුම් කර ඇති අතර පහත සඳහන් බර සහ වයස් කාණ්ඩ අනුව තරග පැවැත්වීමට කටයුතු
යොදා තිබේ.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ පිරිමි – කිලෝ ග්‍රෑම් 640, ජ්‍යෙෂ්ඨ කාන්තා – කිලෝ ග්‍රෑම් 560
වයස අවුරුදු 23න් පහළ පිරිමි – කිලෝ ග්‍රෑම් 600, අවුරුදු 23න් පහළ කාන්තා – කිලෝ ග්‍රෑම් 600
මෙම තරග ඉසව්ව සඳහා 2021 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 23ට නොවැඩි විය යුතුය.
බර සීමාවක් ‍නොමැති පිරිමි සහ කාන්තා තරග ඉසව් දෙකක්ද මෙම ශූරතාවලියට ඇතුළත් කර ඇත.
තවද මෙම තරගාවලිය සඳහා රුපියල් 1000.00 ක ඇතුළත් වීමේ ගාස්තුවක් අයකරනු ලබන අතර අදාළ
සියලුම ක්‍රීඩා සමාජ වාර්ෂික සාමාජික ගාස්තුවද ගෙවා තිබිය යුතුය.