බොරු කියන්නේ කෝලිද? ගංගුලිද? සටන ඇවිළෙයි

ඉන්දියානු ක්‍රිකට් නායක විරාට් කෝලි විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත් වෙද්දී ඔහුට ඉවත් නොවන ලෙසට වත්මන් ක්‍රිකට් සභාපති සව්රව් ගංගුලි නොපවැසු බව ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී කෝලි පවසා සිටියේය.
එහෙත් ගංගුලි පවසන්නේ අපි ඔහුට ඉවත් නොවන ලෙසට දැන්වු බවයි. නමුත් කෝලි අදාළ මාධ්‍ය හමුවේදී පැවසු ඇතැම් අදහස් සමග ගංගුලි යම් කිසි කෝපයකින් සිටින අතර ඔහු ඒ සම්බන්ධයෙන් අදහස් පළ කිරිමද නවතා දමා තිබේ.
”මගෙන් කිසිම ප්‍රකාශයක් ඒ ගැන නැහැ. මාධ්‍ය හමු නැහැ. අපි ඉන්දියානු ක්‍රිකට් ආයතනය ඉදිරියේදී ඒ වෙනුවෙන් කටයුතු කරයි.” යනුවෙන් පමණක් ගංගුලි අදාළ සිදුවීම සම්බන්ධයෙන් පවසයි.
”මම ඉන්දියානු ක්‍රිකට් ආයතනය වෙත ගිහිල්ලා මම ටී 20 නායකත්වයෙන් ඉවත් වෙනවා කිව්වා. කිසිම විටෙක ඔවුන් මට ඉවත් නොවිය යුතුයි කියලා කිව්වෙ නැහැ. අඩුම ගානෙ එක් වරක්වත් කිව්වෙ නැහැ.” යැයි කෝලි පවසයි.