නයෝමි ඔසාකා විම්බල්ඩන් කුසලානය ආසියාවට රැගෙන එයි. – VIDEO

<> at Arthur Ashe Stadium on September 8, 2018 in New York City.

මෙල්බන් පාර්ක් හි අද  (26) අවසන් වූ ඔස්ට්‍රේලියානු ග්‍රෑන්ඩ් ස්ලෑම් කාන්තා ටෙනිස් ශූරතා අවසන් මහා තරඟයේදී ජපානයේ සුපිරිතම ක්‍රීඩිකාව වන  නයෝමි ඔසාකා වාර්ථා රැසකට හිමිකම් කියමින් ග්‍රෑන්ඩ් ස්ලෑම්  ශූරතාවය දිනා ගැනීමට සමත් වූවාය. ඇය හා අවසන් මහා තරඟයට මුහුණ දුන්නේ චෙක් රාජ්‍යයේ පෙට්රා ක්විටෝවා වන අතර දෙදනා අතර පැවැති තියුණු තරඟයකින් අනතුරුව ලකුණු 7-6 ක් , 5-7 ක් සහ 6-4 ක් වශයෙන් නයෝමි ජය ගත්තාය. ඇයට ක්විටෝවා ව පරාජය කිරීමට පැය දෙකකුත් විනාඩි 30 ක කාලයක් ගතවිණි.

නයෝමි හා ක්විටෝවා අතර පැවැති පළමු වටයේ තරඟයේදී ඉතාම තියුණු තරඟයක් දැක ගන්නට ලැබුන අතර නයෝමි 7-6 ක් ලෙස ජය ගන්නා විට ක්විටෝවා දෙවන වටයේදී නයෝමි ඔසාකා ට ලකුණු  5-7 ක් ලෙස  ජයග්‍රහණය කරමින් තරඟයට අවතීර්ණ විය. නමුත් තීරණාත්මක අවසාන වටයේදී නයෝමි ඔසාකා ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කරමින් පිට පිට ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා දෙකක් ජයග්‍රහණය කලාය.

ඇමරිකාවේ සෙරීනා විලියම්ස් 2015 වසරේදී ඇමරිකානු විවෘත ටෙනිස් තරඟාවලිය හා ඊලඟ පැවැති ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය ජයග්‍රහණය කර පිට පිට ශූරතා දෙකක් ජයග්‍රහණය කර තබා තිබූ වාර්ථා සම කිරීමට නයෝමි ඔසාකා අද සමත් වූවාය. 2018 වසරේදී ඇමරිකානු විවෘත ටෙනිස් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ඔසාකා සෙරීනාව පරාජයට පත් කරමින් ඇමරිකානු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවද දිනා ගැනීමට සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමඟම නයෝමි කාන්තා ටෙනිස් ශේණිගතකිරීම් වල හතර වැනි ස්ථානයේ සිට පළමුවැනි ස්ථානය දක්වා උසස්වීමක් ලැබුණ අතර ක්විටෝවා අටවැනි ස්ථානයේ සිට හයවැනි ස්ථානය දක්වා උසස්වීමක් ලැබීය.

21 ක් හැවැරදි නයෝමි ඔසාකා ශේණිගතකිරීම් වල පළමු ස්ථානයට පැමිණීමත් සමඟම එවැනි දස්කමක් කල පලමු ආසියාතික ක්‍රීඩිකාව බවට පත්වන අතර එමෙන්ම පළමු ස්ථානයට පත්වූ දෙවන ලාබාළතම ක්‍රීඩිකාව ලෙසද ඇය වාර්ථා පොත් වලට ඇතුලත් වෙනවා. ඇයට ඉදිරියෙන් පසුවන්නේ ඩෙන්මාර්කයේ කැරොලින් වොස්නියැකි පමණි. ඇය 2010 වසරේදී ශේණිගතකිරීම් වල අංක එකට පැමිනෙන විට 20 හැවරදියේ පසු වූවාය.

නයෝමි ඔසාකා මුල් වරට දක්ෂතාවයක් දැක්වූයේ 2014 වසරේදීය. ඒ හිටපු ඇමරිකානු විවෘත ටෙනිස් ශූරිය වන සමන්තා ස්ටෝසර් පරාජයට පත් කරමින් ය. 2018 වසරේදී ඔසාකා ජපානය නියෝජනය කරමින් ලොව ප්‍රධාන පෙළේ තරඟාවලි අතරට එක්වූ අතර ඇය වසර අවසන් කලේ ඇමරිකානු විවෘත ටෙනිස් තරඟාවලිය දිනා ගනිමින් ලොව පුරා සෑම කෙනකුගේම අවධානයට ලක් වෙමින්‍ ය. ඔසාකාගේ පියා හයිටි ජාතිකයකු වන අතර මව ජපන් ජාතික කාන්තාවකි. ඔවුන් මේවන විට ඇමරිකාවේ පදිංචිව සිටියි.

අනුශූරතාව දිනා ගත් පෙට්රා ක්විටෝවා මීට පෙර 2012 දී සහ 2014 වසරේදී විම්බල්ඩන් ටෙනිස් ශූරතා දෙකක් දිනා ගැනීමට සමත් වූ අතර 2016 වසරේදී තම නිවස තුලට කඩා වැදුණු මංකොල්ල කරුවකු හා පොර බැදීම හේතුවෙන් පිහි ඇණුමකටද ලක්ව ටික කලක් ටෙනිස් පිටියෙන් ඉවත්ව සිටියාය. එම සිදුවීමෙන් ඇය ටෙනිස් පිත්ත හසුරුවන වම් අතට පිහි පහරවල් කිහිපයක් වැදී තිබුන අතර එවකට ඇයට ක්‍රීඩාවෙන් සමුගැනීමට සිදුවනු ඇතයි බොහෝ දෙනා අනාවැකි පළ කළහ. එම සිදුවීමෙන් පසුව ඇය සභාගි වූ ප්‍රධාන පෙළේ තරඟාවලියක් වීමද විශේෂය.  “මම නැවතත් ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසාන තරඟයකට ක්‍රීඩා කළ බව විශ්වාස කරන්න බැහැ”   තරඟයෙන් අනතුරුව ඇය පැවසුවා.

අවසන් තරඟය පැවැති මෙල්බන් පාර්ක් ක්‍රීඩා පිටිය

 






අවසන් මහා තරඟයේ විශේෂ අවස්ථා👇

සටහන : නුවන් ජයතිස්ස