ආසියානු ක්‍රීඩා උළෙලට පිටත්වූ ටෙනිස් කණ්ඩායම ගිය පයින්ම ආපසු ලංකාවට

ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සභාගිවූ ශ්‍රී ලංකා ටෙනිස් කණ්ඩායමට සැලැකිය යුතු මට්ටමේ දක්ෂතා දැක්වීමට නොහැකි වීම ඉතාම අවාසනාවන්ත තත්වයකි. තරඟාවලිය ආරම්භ වී දින දෙකක් යන්නට මත්තෙන් නැවත සිය රට බලා පැමිණීමට ශ්‍රී ලංකා ටෙනිස් කණ්ඩායමට සිදුවිය.

සියළු තරඟ අතුරින් ශ්‍රී ලංකා ටෙනිස් කණ්ඩායම තරඟ දෙකක් පමණක් ජයග්‍රහණය වාර්ථා කල අතර එම ජයග්‍රහණ ද පළමු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 32 දෙදනාගේ වටයෙන් ඔබ්බෙන් යෑමට ප්‍රමාණවත් නොවීය. ශ්‍රී ලංකා ටෙනිස් කණ්ඩායම සමස්ථයක් ලෙස සියළු තරඟවල පසුබෑමක් දක්නට ලැබුණි.
අනීකා සෙනෙවිරත්න   ක්‍රීඩිකාවන් 64 දෙනාගේ වටයේදී මොන්ගෝලියානු ක්‍රීඩිකාවක් පරාජයට පත් කරමින් අවසන් 32 ගේ වටයට පිවිසි නමුත් අනීකාව පහසුවෙන්ම පරාජය කරන්නට චීන ක්‍රීඩිකාවක් සමත් විය. ඇන්ජලිකා කුරේරා කේවල ඉස්ව්වෙන් අවසන් 32 ගේ වටයට පළමු තරඟය ලෙස සභාගි වුවත් ඇයටද ජපාන ක්‍රීඩීකාවක් අතින් දරුණු පරාජයකට ලක්වීමට සිදු විය.
පිරිමි කේවල ඉසව්වලදී යසිත් ද සිල්වා 64 දෙනාගේ වටයේදීම පරාජයට පත්වූ අතර එම වටයේදීම මාලදිවයින ක්‍රීඩකයකු පරාජයට පත් කරමින් 32 වටයට පිවිසි තිවංක ශාමෙල්ව ජපාන ක්‍රීඩයකු පහසුවෙන් පරාජයට පත් කළේය. කාන්තා යුගල , පිරිමි යුගල සහ මිශ්‍ර යුගල ඉස්ව්වලදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පළමු වටයේදීම පරාජය භාර ගැනීමට සිදු විය.


සටහන : නුවන් ජයතිස්ස