එංගලන්ත-පාකිස්තාන තෙවැනි ටෙස්ට් තරගය හෙට

සංචාරක පාකිස්තානය සහ සත්කාරක එංගලන්තය අතර ක්‍රියාත්මක ටෙස්ට් තරගාවලියේ තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය හෙට (21 වැනිදා) සදම්ප්ටන් හිදී ආර්ම්භවේ.
තරගාවලියේ පළමු තරගය කඩුලු 3කින් ජය ගැනීමට සත්කාරක එංගලන්තය සමත් වූ අතර දෙරට අතර දෙවැනි තරගයට වැස්සෙන් බාධා එල්ලවීම මත ජය පරාජයකින් තොරව නිමාවට පත්විය. ඒ අනුව තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තය සමත් වී සිටී.
ලෝක කුසලාන ටෙස්ට් තරගාවලිය යටතේ පැවැත්වන මෙම තරගාවලියේ හෙට පැවැත්වන තරගය ජය ගැනීමට එංගලන්තය සමත් වුවහොත් තරගාවලය ජය ගැනීමට ඔවුනට හැකියාව ලැබෙනවා සේම ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වන්නට අවස්ථාවද උදාවේ. එංගලන්තය ලෝක කුසලාන ටෙස්ට් තරගාවලි ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු 279ක් ලබා ගනිමින් මේ වනවිට තෙවැනි ස්ථානයේ පසුවන අතර ප්‍රසාද ලකුණු 296ක් ලබා ගනිමින් ඔස්ටේ්‍රලියානු කණ්ඩායම අදාළ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවේ.
පාකිස්තාන කණ්ඩායම ලෝක කුසලාක ටෙස්ට් තරගාවලියේ ප්‍රසාද ලකුණු 153ක් ලබා ගනිමින් 5 වැනි ස්ථානයේ පසුවන අතර ප්‍රසාද ලකුණු 180ක් ලබා ගනිමින් නවසීලන්තය එහි සිව්වැනි ස්ථානයේ පසුවේ. ඒ අනව හෙට පැවැත්වන තරගය ජය ගැනීමට යම් හෙයකින් පාකිස්තානය සමත්වුවහොත් තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීසය පාකිස්තානයට අවස්ථාව උදාවනවා සේම ලෝක කු-සලාන ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට පත්වන්නට අවස්ථාව පාකිස්තානයට උදා වේ.