පාකිස්තානයේදී ශ‍්‍රී ලංකා පිලට කොහෙවත් නැති ආරක්ෂාවක්

Pakistani security personnel escort a minibus, center, carrying Sri Lankan cricketers to the Gaddafi stadium for a third Twenty20 international match against Pakistan in Lahore, Pakistan, Sunday, Oct. 29, 2017. Sri Lanka's cricketers arrived in Lahore under tight security Sunday for their first visit to Pakistan since the visiting team was ambushed by gunmen in a deadly attack in 2009. (AP Photo/K.M. Chaudary)

ලොව කිසි තැනක ලබා නොදුන් ආරක්ෂාවක් ශ‍්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී ලැබෙයි. එවැනි ආරක්ෂාවක් ශ‍්‍රී ලංකාවේදීවත් ලැබී නැති බව අසන්ත ද මැල් පවසයි.
‘ පාකිස්තානයට එනකොටත් ප‍්‍රශ්නයක් තිබුණෙ නැහැ මානසිකත්වයේ. ඇත්තටම අගමැති කෙනෙක් එනකොට දෙන ආරක්ෂාව අපිට ගුවන්තොටුපළේ ඉදලම ලබා දුන්නා. මම හිතන්නෙ ඒ අය පොරොන්දු වූ විදිහටම අපිට ආරක්ෂාව ලබාදීලා තියෙනවා. යුද හමුදාවෙන් අඩි දහයෙන් දහය දාලා තියෙනවා. අපි යනකොට පාරවක් වහලා. වෙඩි නොවදින වාහන විස්සක් විතර අපිත් එක්ක යනවා. ‘ස්නයිපර්’ බළකායක් තැන් තැන්වල ඉන්නවා. හෙලිකොප්ටරයක් උඩින් යනවා. මම හිතන්නෙ අපිට කොහේදිවත් මෙහෙම ආරක්ෂාවක් ලැබිලා. අපි ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙනවා.’’
‘‘මමත් කරච්චිවලට ආවේ අවුරුදු තිස් ගාණකට පස්සෙ. පාරේ කොහේ ඇවිද්දත් ඒ අය අපිට දෙන සහයෝගය බලාගන්න පුළුවන්. අවුරුදු දහයකට ඉස්සල්ලා ප‍්‍රහාරයකට ලක්වුණ රටම මෙහෙට ආපු එක ගැන පාකිස්තාන් පේ‍්‍රක්ෂකයන් ඉතාමත් සතුටින් ඉන්නෙ. අපි ආපු නිසා මුළු පාකිස්තානයම බලාපොරොත්තුවෙන් ඉන්නෙ අපි අනිත් රටවලූත් එයි කියලා. පාකිස්තාන් කණ්ඩායමට නැති ප‍්‍රතිචාරයක් අපිට මේ සංචාරයේදී කොහේ ගියත් තියෙනවා.’’