අළු බදුන දෙවනත් කළ එලිසෙ පෙරිගෙන් කාන්තා ටෙසට් ඉතිහාසයේ වසර 13කට පසු ද්විත්ව ශතකයක්

ඕස්ට්‍රේලියව සහ එංගලන්තය අතර පැවැත්වෙන කාන්තා අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට එලිසෙ පෙරි ක්‍රීඩිකාව සමත්වූ අතර ඇය එහිදී නොදැවී ලකුණු 213ක් රැස් කිරීමට සමත්වූවාය.

එය කාන්තා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තාවූ 7 වැනි අවස්ථාව වූ අතර අවසන් වරට ද්විත්ව ශතකයක් වාර්තා වී ඇත්තේ 2004 වසරේදීය. එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පාකිස්තානු ක්‍රීඩික කිරන් බලුච් ලකුණු 242ක් රැස් කිරීමට සමත්වූ අතර එය මෙතෙක් කාන්තා ටෙස්ට් ඉතිහාසයේ ක්‍රීඩිකාවක එක් ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස නොබිදුනු වාර්තාවක්ව පවතී.

කෙසේවෙතත් පෙරී පසුගියදා නොදැවී ලබාගත් ලකුණු 213 ඕස්ට්‍රේලි‍යානු ක්‍රීඩිකාවක් මෙතෙක් ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද සටහන් වේ.