රාහුල විදුහලට සමස්ත ලංකා බැඞ්මින්ටන් ශූරතාවක්…

ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ මෙහෙයවනු ලබන සමස් ලංකා වයස අවුරුදු 11 න් පහළ බැඞ්මින්ටන් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මාතර රාහුල විදුහල් කණ්ඩායම සමත් විය.
වයඹ පළාත් බැඞ්මින්ටන් සංගමය විසින් මෙම තරගාවලිය සංවිධානය කළ අතර සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පාසල් 104 ක් තරගාවලිය නියෝජනය කර තිබුණි. බාලක අංශයේ ‘ඒ’ කාණ්ඩයේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත් වූ මාතර රාහුල කණ්ඩායම ඡුායාරූපයේ දැක්වේ.