සී.එච්. සහ නාවික රග්බි ගැටුමේදී යෝෂි-නාමල් ගැටුමකට මැදිවෙයි

දැන් ක්‍රියාත්මක පළමු පෙළ රග්බි තරගාවලියේ ඉකුත් සතියේ පැවැති තරගයකදී නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ ගැටුමකට මැදිවන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ පළ වේ.
නාවික හමුදාව සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී කණ්ඩායම අතර වැලිසරදී පැවැති තරගයකදී මෙම ගැටුම සිදුවී තිබේ. ලකුණු 27-24 ක් ලෙස එම තරගය නාවික හමුදාව ජය ගත් අතර තරගයෙන් පසු කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් බහින් බස්වීමක් සිදුවී ඇති අතර එහිදී මෙම ගැටුම ඇතිව ඇති බවට වාර්තා වේ.
සී.එච්. කණ්ඩායම වෙනුවෙන් යෝෂිත රාජපක්ෂ ක්‍රීඩා කර තිබේ.