ක්‍රිකට් ගහන ලස්සනම කෙල්ල ඔස්ට්‍රේලියාවේ ඇලෙක්සැන්ඩ්රා

1. එලිස් ඇලෙක්සැන්ඩ්රා


සුරූපි ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතර ලොව අංක එක ස්ථානය දිනා ඇත්තේ ඔස්ටේ්‍රලියානු කාන්තා කණ්ඩායමේ එලිස් ඇලෙක්සැන්ඩ්රාය. එලිස් ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මෙන්ම කාන්තා පාපන්දු කණ්ඩායමද නියෝජනය කිරීම විශේෂත්වයකි. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 7කට සහ එක්දින තරග 94 කට එලිස් ක්‍රීඩා කර තිබේ. තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන එලිස් එක්දින කඩුලූ 126 ක්ද විස්සයි විස්ස කඩුලූ 80 ක්ද ලබා ඇති අතර පිතිකාරිණියක් වශයෙන් එක්දින ලකුණු 3120 ක් සහ විස්සයි විස්ස ලකුණු 825 ක් ලබා ඇත.

2. ලෝරා මාෂ්

එංගලන්ත කාන්තා කණ්ඩායමේ ලෝරා මාෂ් සුරූපි ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතර දෙවැනි තැනට පත්ව තිබේ. 31 හැවිරිදි ලෝරා එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 8කට සහ එක්දින තරගය 89 කට ක්‍රීඩා කර තිබේ. තුන් ඉරියව් ක්‍රීඩිකාවන් වන ලෝරා එක්දින තරගවලදී ලකුණු 892 ක් සහ කඩුලූ 109 ක් බිඳ දමා තිබේ. ලෝරා විස්සයි විස්ස තරග 60 කදී ලකුණු 729 ක් සහ කඩුලූ 60 ක්ද බිඳදමා තිබේ.

3. හොලී ෆර්ලින්ග්

2013 වසරේ ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හොලී ෆර්ලින්ග් ලොව තෙවැනි සුන්දරතම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්ව තිබේ. 22 හැවිරිදි හොලී දකුණත් වේග පන්දු යවන්නියක් වන අතර ඇය ටෙස්ට් තරග තුනකට ක්‍රීඩා කර තිබේ. එක්දින තරග 22 කදී ඇය බිඳ දමා ඇති කඩුලූ සංඛ්‍යාව 24 කි.

4. සාරා ටේලර්


එංගලන්තය නියෝජනය සාරා ලොව සිව්වැනි සුරූපි ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම් කර තිබේ. 28 හැවිරිදි සරා එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග නවයකට සහ එක්දින තරග 113 කට ක්‍රීඩා කර තිබේ. දක‍ෂ පිතිකාරිණියක් වන ඇය එක්දින ලකුණු 3786 ක් ලබා ඇති අතර එහිදී ශතක 6ක් සහ අර්ධ ශතක 19 ක් ලබා තිබේ.

5. ඊසා ටාරා ගුහා


දකුණතින් මඳ වේග පන්දු යවන්නියක් වන ඊසා එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 8 කට සහ එක්දින තරග 83 කට ක්‍රීඩා කර තිබේ. 32 හැවිරිදි ඊසා එක්දින කඩුලූ 101 ක් ලබා තිබේ.

6. සානා මිර්


පාකිස්තාන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 31 හැවිරිදි සානා මිර්ද පස්වැනි ලස්සනතම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්ව තිබේ. එක්දින තරග 105 කදී ලකුණු 1421 ක් සහ කඩුලූ 117 ක් බිඳ දැමීමට ඇය සමත් වූවාය. විස්සයි විස්ස තරග 79 කදී කඩුලූ 67 ක් බිඳ දමා ඇති තුන් ඉරියව් ක්‍රීඩිකාවකි.

7. රොසාලි බර්ච්


34 වැනි වියේ පසුවන එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ රොසාලි බර්ච් එක්දින තරග 37 කදී කඩුලූ 46 ක් බිඳ දමා තිබේ. ටෙස්ට් තරග 7 කට විස්සයි විස්ස තරග 4 කට ඇය සහභාගි වී ඇත.

8. කැතරින් හෙලන්

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැතරින් හෙලන් ක්‍රිකට් රූමතියන් අතර අටවැනි තැනට පත්ව තිබේ. 1985 දී ඇය උපතලබා ඇති අතර 2006 සහ 2010 වසරවල එංගලන්තයේ වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසද සම්මාන දිනා ගත්තාය.

9. මෙගාන් මොයිරා

25 හැවිරිදි වියේ පසුවන මෙගාන් මොයිරා ලොව නව වැනි රූමත් ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම් කර තිබේ. ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ඇය දකුණත් පිතිකාරිණියක් වන අතර එක්දින තරග 63 කදී ශතක 11 සහ අර්ධ ශතක 11 ක් සමග මුළු ලකුණු 2999 ක් ලබා තිබේ.

10. මිතාලි රාජ්

ඉන්දියානු කන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් වන 35 හැවිරිදි මිතාලි රාජ් ලොව 10 වැනි රූමත් ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම් කර තිබේ. ඇය එක්දින තරග 186 කදී ශතක හයක් සහ අර්ධ ශතක 49ක් සමග මුළු ලකුණු 6190 ක් ලබා තිබේ.
දිවයින අනුග්‍රාහයෙනි