ක‍්‍රීඩාව ගිලින බහිරවයන්ගේ හෙළුව හෙළිවන වාර්තාව මෙන්න

2019 දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල ස`දහා ශ‍්‍රී ලංකා සහභාගීත්වය සහ ප‍්‍රතිඵල සමාලෝචන වාර්තාවට අනුව ක‍්‍රීඩා නීතියට පමණක් නොව ක‍්‍රීඩාවේ විනය ගරුත්වයට හානි වන කරුණු රැුසක් මතුව ඇත. සමහර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හා අදාළ ජාතික සංගම් නිලධාරීන් අනුගමනය කර ඇති ක‍්‍රියා පිළිවෙළට මේ තත්ත්වය ඇතිවීමට සෘජුවම හේතු වූ බව විවිධ කරුණු ඔස්සේ සනාථ වී ඇත. ඉදිරියේදී මෙවැනි තත්ත්ව ඇති නොවීමට ත‍්‍රිපුද්ගල කමිටුවක් මගින් මේ පිළිබ`ද කරුණු තවදුරටත් විමර්ශනය කර සුදුසු තීරණ ගැනීම අත්‍යඅවශ්‍ය බව යෝජනා කෙරෙනු අතර ඒ අනූව සකස් කරන ලද වාර්තාවේ අදාළ ¥ෂන සම්බන්ධව හොරුන් අල්ලා ගැනීමට විමර්ශන ඇරඹිය යුත්තේ කුමන ආකාරයකින්ද යන්න පැහැදිලිව සඳහන් කර තිබේ.

විශේෂ විමර්ශන සිදු කළ යුතු කරුණු

1. පුහුණු කටයුතු ස`දහා විශාල වියදමක් දරා අවසානයේ සෞඛ්‍ය අපහසුතාවයක් බවට වාර්තා කර ක‍්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති වෛද්‍ය ආයතනයේ සහතිකයක් පවා නොමැතිව තර`ගයට සහභාගී නොවීමට ක‍්‍රීඩකයන් ගෙන ඇති තීරණය ක‍්‍රීඩාවේ විනයටත් රටටත් අගෞරවයක් වන අයුරින් කටයුතු කිරීම පිළිබ`ද ක‍්‍රීඩක චෙරන්ත ද සිල්වා හා ක‍්‍රීඩිකා කිමිකෝ රහීම් පිළිබ`ද පරීක්‍ෂණ පවත්වන මෙන් ඉල්ලා සිටිමි.

2. බර ඉසිලීමේ ක‍්‍රීඩාවේ අභියාචනා මණ්ඩලය මගින් නිර්දේශ කර ඉදිරිපත් කළ ක‍්‍රීඩකයා අවසාන මොහොතේ අත්තනෝමතික ලෙස තර`ගයට සහභාගී නොවීම පිළිබ`දව අදාළ නිලධාරීන් සම්බන්ධ පරීක්‍ෂණයක් පවත්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

3. බැඞ්මින්ටන් ස`දහා සහභාගී වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමට සංගමයේ මැදිහත්වීමෙන් අමතර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇතුලත් කිරීමෙන් (තර`ග ස`දහා සහභාගී වී නැත* රටට පාඩුවක් මෙන්ම අගෞරවයක් ද ඇති වී ඇති බැවින් එ් ස`දහා පරීක්‍ෂණයක් පවත්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

4. බොක්සිං ක‍්‍රීඩා ඉසව්ව ස`දහා ජාතික තේරීම් කමිටුව මගින් අනුමත කළ ක‍්‍රීඩකයින් දෙදෙනෙක් කණ්ඩායමෙන් ඉවත් කොට එ් ස`දහා සංගමයේ අභිමතය පරිදි වෙනත් ක‍්‍රීඩකයින් ඇතුළත් කර ඇති බවත් එම ක‍්‍රීඩකයන් දෙදෙනා හට කිසිදු ජයග‍්‍රහණයක් කිරීමට නොහැකිවීම පිළිබ`දවත් ශ‍්‍රී ලංකා බොක්සිං සම්මේලනය සම්බන්ධව පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව යෝජනා කෙරේ.

5. තුන් ප‍්‍රයාම ක්රීඩාව ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි සංගමයක් නොවන නමුත් මෙම උලෙළට සහභාගීවීමට ජාතික තේරීම් කමිටුවේ හෝ අභියාචනා කමිටුවේ නිර්දේශ ලබා නොගෙන සහභාගී වී ඇත. මේ පිළිබ`දව පරීක්‍ෂණයක් පැවැත්වීමට යෝජනා කෙරේ.

6. පැසිපන්දු කාන්තා කණ්ඩායම (5 × 5* හිතාමතාම පරාජයට යොමු වී ඇති බවට පාර්ශව කිහිපයකින් කරුණු ඉදිරිපත්ව ඇත. මේ පිළිබ`දව පරීක්‍ෂණයක් පැවැත්වීමට යෝජනා කෙරේ.

7. පාපැදි ඵදමබඒසබ ඊසනැ ෘදඅබයසකක ඉසව්වේ සිදුවූ තර`ග පාවාදීම සම්බන්ධව දැනට පොලිස් නීති නිලධාරීන් විසින් පරීක්‍ෂණයක් පැවැත්වීමට ලේකම්තුමා විසින් ලිඛිත ඉල්ලීමක් කර ඇති නමුත් දෙපාර්තමේන්තු මගින් ද පරීක්‍ෂණයක් පැවැත්වීමට සුදුසු බව දන්වා සිටිමි.

8. කෝ කෝ ක‍්‍රීඩා ස`දහා විශාල වියදමක් දරා ඇති නමුත් කිසිදු ප‍්‍රතිඵලයක් නොමැති වීම හා එ් සම්බන්ධ ඇති තොරතුරු ඉතා අසතුටුදායක නිසා විනය පරීක්‍ෂණයක් පැවැත්වීම යෝජනා කෙරේ.

9. වොලිබෝල් කාන්තා කණ්ඩායම ඉතා නොසැලකිලිමත්ව හිතාමතාම සිදු වූ පරාජය සහ විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ ජාතික ක‍්‍රීඩාව වන වොලිබෝල් ක‍්‍රීඩාව මෙසේ පසුබෑම පිළිබ`ද එම ක‍්‍රීඩිකාවන්ගෙන් හා නිලධාරීන් සම්බන්ධව පරීක්‍ෂණයක් පැවැත්වීමට යෝජනා කෙරේ.

10. වූෂූ ක‍්‍රීඩාවේ ඉසව්වල අවශ්‍ය ප‍්‍රමාණයට වඩා අඩු ක‍්‍රීඩකයින් ඇතුල් කිරීමෙන් ශ‍්‍රී ලංකාවට පදක්කම් අහිමිවීම ගැන පරීක්‍ෂණයක් පැවැත්විය යුතුය.

11. ගුවන් ප‍්‍රවේශ මිලදී ගැනීම සම්බන්ධයෙන් හෙළිදරව් වූ කරුණු අතර පරස්පර විරෝධතා තිබේ. මේ සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුව සහ ක‍්‍රීඩා අමාත්‍යාංශය මත දෙකක සිටී. එබැවින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් කිරීමට නිර්දේශ කෙරේ.

අදාළ කරුණු 11 ට අමතරව ක‍්‍රීඩා අමාත්‍යාංශයේ, ඔලිම්පික් කමිටුවේ සහ ක‍්‍රීඩා සංගම්වල අවධානය යොමුවිය යුතු කරුණු ගණනාවක් පිළිබඳව ග්‍රෙගරි ද සිල්වා ප‍්‍රමුඛ කමිටුව තම වාර්තාවේ සඳහන් කරයි.

ජාතික ක‍්‍රීඩා සංගම් කෙසේ හෝ තම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මෙවැනි තර`ගාවලියක සහභාගීත්වය ලබා දීමට කටයුතු සැලසීම ස`දහා උත්සාහ කිරීමෙහි කිසිදු වරදක් නැතත් තරගාවලියට සහභාගි වීමේදී තම සූදානම සහ එ් පිලිබඳ පිළිගත හැකි පුරෝකථනයක් කිරීමට හැකිවීම තරගයට සහභාගි කරවීම සඳහා සහ අනවශ්‍ය පිරිවැයක් දැරීමට සිදුවීම වලක්වා ගැනීමට උපකාරිවන බවද අදාළ ග්‍රෙගරි ද සිල්වා ප‍්‍රමුඛ කමිටුව විසින් තවදුරටත් සඳහන් කර තිබේ.

පසුගිය දකුණු ආසියනු ක‍්‍රීඩා උළෙලේ දී ශ‍්‍රී ලංකාව විශාල පදක්කම් ප‍්‍රමාණයක් ජයග‍්‍රහණය කළද ක‍්‍රීඩා 27ක් සඳහා රැුගෙනගිය 800 කට අධික ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ නිලධාරීන්ගෙන් 125 දෙනෙකු පමණ (කණ්ඩායම් ක‍්‍රීඩා* ප‍්‍රමාණයකට සැලකිය යුතු ජයග‍්‍රහණයක් අත්කරගැනීමට නොහැකිවීම සම්බන්ධව එම කමිටුව විශේෂ අවධානයක් යොමු කර තිබේ.
කෝ කෝ, අත් පන්දු (හෑන්ඞ් බෝල්* සහ පාපන්දු යන ක‍්‍රීඩා කණ්ඩායම් තුන පිළිබඳ විශේෂයෙන් සඳහන් කරන කමිටු වාර්තාව එම කණ්ඩායම් තුන සඳහා රුපියල් මිලියන 30 ක පමණ මුදලක් ගුවන් ප‍්‍රවේශ පත් සහ නවාතැන් පහසුකම් වෙනුවෙන් වියදම් කළද ඉන් කණ්ඩායම් දෙකකට කිසිම පදක්කමක් දිනා ගනීමට නොහැකිවීම ඒ සඳහා උදාහරණ ලෙස සඳහන් කර තිබේ.
කෝ කෝ වැනි ක‍්‍රීඩා ජාතික ක‍්‍රීඩා සංගම් ලෙස තවදුරටත් පවත්වා ගෙන යාම අවශ්‍යද යන්න සලකා බලන ලෙසද නව ක‍්‍රීඩා සංගම් ලියා පදිංචි කිරීමේදී නිසි ක‍්‍රියා පටිපාටීන් අනුගමනය කර එම ක‍්‍රීඩා සංගම්වල විගණන කටයුතු සහ අනුබද්ධ ක‍්‍රීඩා සමාජ ඇත්ද යන්නද සලකා බලන ලෙසද තවදුරටත් සඳහන් එහි සඳහන් වේ.
දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගී වූ ක‍්‍රීඩා ස`දහා අදාළ ජාතික සංගම් හරි අඩක් පමණ පූර්ව විශ්ලේශණයක් සිදු කර නොමැති බව කමිටුව අවබෝධකර ගෙන තිබෙනවා බාස්කට් බෝල් (කාන්තා*, පාපැදි තර`ග, කෝකෝ, බොක්සිං කණ්ඩායම්වල පශ්චාත් තර`ග විශ්ලේෂණයන් අනුව කණ්ඩායම් තෝරා ගැනීමේදී ගැටලූ රාශියක් තිබී ඇති බවත් බයිසිකල් ධාවන අංශයේ මවුන්ටන් බයික්, ඩවුන් හිල් තර`ගය ස`දහා ජාතික ඔලිම්පික් කමිටුව මූලික අයඳුම්පතක් හෝ යොමුකර නොමැති අවස්ථාවක නේපාලයේදී මෙම ඉසව්ව ස`දහා ක‍්‍රීඩකයින් දෙදෙනෙක් ඉදිරිපත් කර අවසානයේ එම ඉසව්ව ස`දහා නිර්මිත බයිසිකල් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් සතුව නොමැති හෙයින් තර`ගය ස`දහා ඉදිරිපත් නොවන බවට කණ්ඩායම් කළමණාකරු දැන්වීම වැනි කරුණු වලින් සනාථ වනුයේ දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල පිළිබ`දව කිසිදු පූර්ව ජයග‍්‍රහණ විභවතාවයක් හෝ පූර්ව විශ්ලේෂණයක් මෙම සංගමය සිදුකර නොමැති බවත් කමිටුව තවදුරටත් පෙන්වා දෙනවා.
බොහෝ මෙවන් තරගාවලි වලදී නැවත නැවත සිදුවන දුර්වලතා මගහරවා ගැනීම සඳහාද තම අදහස් කමිටුව මගින් ඉදිරිපත් කොට තිබෙනවා. ක‍්‍රීඩා අමත්‍යාංශයට අනුබද්ධ ආයතන ක‍්‍රියා කළයුතු ආකාරයේ සිට පෙර සූදානම් සිදුකිර‍්‍රීම සහ පුහුණුකරනයේ දුර්වලතාද කමිටුව මගින් පෙන්වා දී ඇතිමුත් සිදුවීඇති සහ සිදුවියහැකි වැරදි වලක්වා ගැනීම සඳහා ක‍්‍රීඩා අමත්‍යාංශය අවංක මැදිහත්වීමක් කර ඇති බව තවම පෙනෙන්නට නැත.

දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ සිදුවූ අකටයුතු සම්බන්ධව කරුණා කාරණා රාශියක් එළිපිට පෙනෙන්නට තිබියදී සහ ඒ සම්බන්ධව සෙවිය යුතු මූලික කරුණුද ග්‍රෙගරිද සිල්වා කමිටුව පෙන්වා දී තිබියදීත්, ක‍්‍රීඩා අමාත්‍යාංශය තවමත් හොරු අල්ලා ගැනීමට ප‍්‍රමාද වීම මෙරට ක‍්‍රීඩාවේ අනාගතයට ඇති එක්තරා ඛේදවාචකයකි. කෙසේ වෙතත් දැන් ගොනු වී ඇති කරුණු කාරණා විභාග කිරීමට පත්කර ඇති කමිටුව සර්වසාධාරණ නොවන බවද අපි මෙහිලා සටහන් කරමු. එය හරිවිදිහට විභාග නොවුණොත් ක‍්‍රීඩා ඇමැතිවරයාගේ ඇසට වැලි ගසා හොරු නිදැල්ලේ සිටිමින් තවදුරටත් මෙරට ක‍්‍රීඩාවට වින කරුනු ඇත. එවිට මෙරට ක‍්‍රීඩාවේ ජයග‍්‍රහණය අනාගතයේදීත් වලපල්ලට යන බව අදාළ බළධාරීන් වටහාගත යුතුය.

ජාතික රග්බි සංචිත තෝරන්න කඳවුරු හදයි
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර රග්බි තරගාවලි ඉලක්ක කරමින් ශ‍්‍රී ලංකා රග්බි සංගමය විසින් ජාතික රග්බි සංචිත තුනක් නම් කර තිබේ. අදාළ සංචිත තුන පුහුණුවන ආකාරය පසුව සැලසුම් කිරීමට නියමිත අතර එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ කී‍්‍රඩා ක‍්‍රීඩා විද්‍යායතනයේ නිර්දේශ මත එම පුහුණුවීම් ආරම්භ වීමට නියමිතය.
ලෝක වසංගතයක් බවට පත්වු කොරෝනා වෛරසය හේතුවෙන් මාස තුනකට පසුව ජාතික සංචිතය යළිත් පිහිටුවීමට ශ‍්‍රී ලංකා රග්බි සංගමය කටයුතු කරනු ලැබුවේ ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් පුහුණුවීම් ආරම්භ කිරීමට පසුගියදා අවසර ලබාදීම හේතුවෙනි. අදාළ වසංගතය හේතුවෙන් ජාත්‍යන්තර රග්බි තරගාවලි කිහිපයක්ම කල් දැමිමට ආසියානු රග්බි සම්මේලනය කටයුතු කළේය.
ශ‍්‍රී ලංකා රග්බි කණ්ඩායම ඉදිරියේදී ආසියානු පළමු කාණ්ඩයේ රග්බි තරගාවලියකට සහභාගි වන අතර කාන්තා සහ පිරිමි සත් සාමාජික කණ්ඩායම්ද මේ වසරේදී තරගාවලි කිහිපයකටම සහභාගි වීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් එම තරගාවලි පවත්වන දිනයක් සම්බන්ධව ආසියානු රග්බි සම්මේලනය විසින් මෙතෙක් ප‍්‍රකාශයට පත් නොකළද සංචිතය පවත්වා ගැනීමේ අරමුණින් මෙම සංචිත තුන නම් කර තිබේ.
පහළොස් සාමාජිකයන් තරග වදින රග්බි තරගාවලි සඳහා 49 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර තිබුණද එම පුහුණු සංචිතයට තවත් ක‍්‍රීඩකයන් කිහිප දෙනකු ඉදිරියේදී එක්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. නම් කර ඇති සංචිතයට මහනුවර ක‍්‍රීඩා සමාජයෙන් ක‍්‍රීඩකයන් 15 දෙනෙක්ද හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජයෙන් ක‍්‍රීඩකයන් අට දෙනෙක්ද පොලිස් ක‍්‍රීඩා සමාජයෙන් ක‍්‍රීඩකයන් අට දෙනෙක්ද සී.ආර්. ඇන්ඞ් එෆ්.සී ක‍්‍රීඩා සමාජයෙන් ක‍්‍රීඩකයන් අට දෙනෙක්ද යුද හමුදා ක‍්‍රීඩා සමාජයෙන් පස්දෙනෙක්ද නාවික හමුදාව නියෝජනය කරන දෙදෙනෙක්ද සී.එච් ඇන්ඞ් එෆ්සී කණ්ඩායමෙන් දෙදෙනෙක් සහ ගුවන් හමුදාවෙන් එක් ක‍්‍රීඩකයකු බැගින් ඇතුළත්ව තිබේ.
ශ‍්‍රි ලංකා සත් සාමාජික රග්බි සංචිතය තේරීම සඳහා 28 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති රග්බි තේරීම් කමිටුව කාන්තා සත් සාමාජික රග්බි සංචිතයේ පුහුණුව සඳහා 19 දෙනකුගෙන් යුත් කඳවුරක් නම් කර තිබේ.
ශ‍්‍රී ලංකා රග්බි සංචිතය
චාල්ස් ප‍්‍රවීන්, ලසිත අත්තනගොඩ, යාකූබ් අලී, දමිත් දිසානායක, මොහොමඞ් ශබීර්, ජේසන් දිසානායක, තරිඳු චතුරංග, බුවනෙක උඩංගමුව, රොශාන් වීරරත්න, නයිජල් රත්වත්තේ, තරින්ද රත්වත්තේ, බුද්ධිම පියරත්න, කවිඳු පෙරේරා, දන්ශ දයාන්, ෂෙහාන් පතිරණ, චරණ චාමිකර, අස්මිර් ෆජුඞීන්, උමේශ් මධුශාන්, ශව්කට් ලාහීර්, දයාන් සබාර්, විමුක්ති රාහුල, තීක්ෂණ දිසානායක, ෆයීස් අබ්දුල්ලා, ධනුෂ්ක එදිරිසූරිය, ළහිරු පවිත‍්‍ර, රසිත් සිල්වා, මොහාන් විමලරත්න, උදාර සූරියප්පෙරුම, වගීශ වීරසිංහ, ඉරෝශන් සිල්වා, සචිත් සිල්වා, ඔමල්ක ගුණරත්න, රාහුල් ද සිල්වා, කලිඳු නන්දිල, දිනුක් අමරසිංහ, රීසා රෆායිඞීන්, ජනිදු ඩිල්ශාන්, මුර්ශිඞ් සුබේයීර්, කෙවින් ඩික්සන්, ධනුක විජේතිලක, සුධාර දික්කුඹුර, චමීර සිල්වා, චමත් ප‍්‍රනාන්දු, අශාන් බණ්ඩාර, අදීශ වීරතුංග, චතුර සෙනවිරත්න, ජේසන් මෙල්ඩර්, සැමුවෙල් මධුවන්ත, ඉමේෂ් අපොන්සු
සත් සාමාජික රග්බි සංචිතය
රවිඳු හෙට්ටිආරච්චි, ඉරෝශන් සිල්වා, සචිත් සිල්වා, සුධාරක දික්කුඹුර, සුදම් සූරියආරච්චි, වාරෙන් වීරකෝන්, තුවාන් සුහේයිල්, හිරූෂ සම්පත්, රවීන් ප‍්‍රනාන්දු, කාවින්ද කේශාන්, අදීශ චතුරංග, චතුර සෙනවිරත්න, බුද්ධිම පියරත්න, දනුශ් දයාන්, ජේසන් දිසානායක, කවිඳු පෙරේරා, ශ‍්‍රීනාත් සූරියබණ්ඩාර, තරින්ද රත්වත්තේ, දිනුක් අමරසිංහ, ගැමුණු චේතිය, ජනිදු ඩිල්ෂාන්, කෙවින් ඩික්සන්, රීසා රෆායිඞීන්, ඔමල්ක ගුණරත්න, තුලායිබ් හසන්, සුබායීර් දොරේ, කළිඳු නන්දිල, සැමුවෙල් ඔග්බේබොර්
කාන්තා සත් සාමාජික සංචිතය
නිමේශා සුදර්ශනී, අයේෂා පෙරේරා, චරණි තීක්ෂණා, දිලිණි කාංචනා, දුලානි පල්ලේකොණ්ඩගේ, ශානිකා දිලානි, උමයංගනා තත්සරණි, දසුනි ද සිල්වා, ගයානි ගීතිකා, සංජීවනී විජේතිලක, නිපුණි වර්ශවිතාන, රන්දිකා කුමුදුමාලි, සමන්තා ජයමාලි, කුමාරි දිල්රුක්ෂි, සංජීවනී පෙරේරා, ජීවන්ති ගුණරත්න, අනුශිකා තුෂාරි, කාංචනා කුමාරි, අනූෂා අත්තනායක