“සිංගර් කුසලාන” තරඟාවලියේ රාජකීය විදුහලට ඉනිමක ජයක්

“සිංගර් කුසලාන” වයස අවුරුදු 19න් පහල අන්තර් පාසැල් ක්‍රිකට් තරගාවලියේදී කොළඹ රාජකීය විදුහල සහ හම්බන්තොට දෙබරවැව ජාතික පාසල අතර රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 129 ක ජයක් වාර්තා කිරීමට රාජකීය විදුහල සමත් විය.

මෙම තරඟයේදී රාජකීය විදුහලේ පසිඳු සූරියබණ්ඩාර 77ක් සහ කවිඳු මඳුරසිංහ නොදැවී ලකුණු 76* ලබාගත් අතර එම විදුහලේම කෞෂාන් කෞෂල්‍ය ලකුණු 26 කට කඩුලු 6 ක්ද, තරුෂ රවින්ද්‍ර ලකුණු 25 කට කඩුලු 5 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

රාජකීය විදුහල් පළමු ඉනිම – ඕවර 81.2 කදී කඩුලු 6 ක් දැවී 293
(පසිඳු සූරියබණ්ඩාර 77, කවිඳු මඳුරසිංහ නොදැවී 76, අෂාන් වික්‍රමසිංහ 45, ඊෂවර දිසානායක 37, ඉෂාන් දම්සර 94/2)

දෙබරවැව ජාතික පාසල් පළමු ඉනිම – ඕවර 46.5 කදී සියලු දෙනා දැවී 112
(චතුර ජයනාත් 53, තරුෂ රවින්ද්‍ර 25/5, කෞෂාන් කෞෂල්‍ය 11/2)

දෙබරවැව ජාතික පාසල් දෙවැනි ඉනිම – ඕවර 24 කදී සියලු දෙනා දැවී 52
(චතුර ජයනාත් 30, කෞෂාන් කෞෂල්‍ය 15/4, කාවින්ද පතිරත්න 14/3)


සටහන : නුවන් ජයතිස්ස