සෙරීනාගේ ලෝක වාර්ථා සම කිරීමේ සිහිනය බොඳ වෙයි. – video

දවසින් දවස උණුසුම් වන ජ්‍යාත්‍යන්තර ටෙනිස් පිටිය උඩු යටිකුරු වන සිදුවීම් රාශියක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරඟාවලියේ මේ වන විට සිදු වී අවසන් ඒ අතරින් වඩාත් කථා බහට ලක්වෙන සිදුවීම ඊයේ (22) මෙල්බන් නුවර රොඩ් ලීවර් ටෙනිස් පිටියේදී අවසන් වුණා.

ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රේෂ්ඨ ක්‍රීඩිකාව වන මාගරට් කෝට් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 24 ක්  දිනා තබා තිබෙන වාර්ථාව සමකිරීමේ බලාපොරොත්තු සහිතව පිටියට පිවිසි ඇමරිකාවේ සුපිරි ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් ගේ සිහිනය බොඳ කර දැමීමට චෙක් රාජ්‍යයේ කැරොලිනා ප්ලිස්කෝවා සමත් වුණා. ඒ ලකුණු 6-4 ක් , 4-6 ක් සහ 7-5 ක් ලෙස ලබා ගනිමින්.
කැරොලිනා ප්ලිස්කෝවාට සෙරීනා විලියම්ස් ව පරාජයට පත් කිරීමට පැය දෙකකුත් මිනිත්තු 10ක් ගත වුණා. කැරොලිනා එම කාලය පුරාම පුදුමාකාර ජවසම්පන්න භාවයක් පෙන්නුම් කළ බව සෙරීනා තරඟයෙන් අනතුරුව පැවසුවා.
තරඟය අතරතුර සිය වම්පාදයේ වළලුකර පෙරළීමෙන් සෙරීනා දැඩි පසුබෑමකට ලක්වූ අතර ඇයගේ පරාජයට හේතුව එය බැව් තරඟයෙන් පසුව විචාරකයන් පැවසුවත් ඇගේ පරාජයට තමන්ගේ අතපසුවීම් ගණනාවක්ම සිදු වූ බව ඇය පැවසුවා.
“මගේ පාදයේ ආබාධය පැත්තක තිබුනාවේ.තරඟය පුරාවටම ඇය ක්‍රීඩා කළේ පිස්සියක් වගේ උමුතුවෙන්. ඇරත් මගේ අතින් අතපසුවීම් ගණනාවක්ම සිද්ධවුණා”
යයි කියමින් තම පරාජයට හේතුව පාදයේ ආබාධය බව පිළිගැනීමට කිසිසේත්ම ඇය කැමති නොවූ සෙරීනා තරඟයේ සම්පූර්ණ ගෞරවය කැරොලිනා ප්ලිස්කෝවාට දීමට තරම් ඇය නිහතමානී වූවාය.
කැරොලිනා ප්ලිස්කෝවා 2017 වර්ශයේ ප්‍රංශ තර්ඟාවලියෙන් පසුව ඉතා ඉක්මනින්ම කාන්තා ටෙනිස් ශේණිගතකිරීම් වල අංක එකට පැමිණියාය. ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවලියක් දිනා නොගෙනම නොම්මර එකට පත් වූ ලොව හය වැනි ක්‍රීඩිකාව මෙන්ම පළමු චෙක් ක්‍රීඩිකාවද වූවාය.
හෙට (24) පැවැත්වෙන කාන්තා අවසන් පූර්ව වටයේදී ජපානයේ නයෝමි ඔසාකා සමඟ කැරොලිනා තරඟ වැදීමට නියමිතය. පසුගිය වසරේ ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් මහා තරඟයේදී සෙරීනා විලියම්ස් පරදවා කුසලානය දිනා ගැනීමට නයෝමි ඔසාකා සමත් වූවාය. හෙට තරඟය කැරොලිනා ප්ලිස්කෝවාට ලෙහෙසි පහසු තරඟයක් නොවන බවත් නයොමි කැරොලිනාට දැඩි තර්ජනයක් ගෙන දෙනු ඇතැයිද විචාරකයන්ගේ අදහසයි.
එහෙත් කැරොලිනා ප්ලිස්කෝවා ඊයේ තරඟයෙන් අනතුරුව කියා සිටියේ ” නයෝමි තර්ජනයක් වෙන්න පුලුවන් ඒත් සෙරීනා තරම් තර්ජනයක් ගෙන දෙන ක්‍රීඩිකාවක් ලෝකයේ නෑ” කියාය.

කැරොලිනා ප්ලිස්කෝවා

නයෝමි ඔසාකා

තරඟයේ විශේෂ අවස්ථා පහතින්.

සටහන : නුවන් ජයතිස්ස