දකුණු අප්‍රිකා සංචාරයට ශ්‍රී ලංකා කාන්තා පිළ නම් කෙරේ.

ජනවාරි 29 සිට පෙබරවාරි 18 දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය සඳහා සහභාගීවන කණ්ඩායම නම් කර තිබේ. ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමි වී ඇති 15 දෙනකුගෙන් යුත් සංචිතයේ නායිකාව ලෙස විසි අට හැවරදි(28) තුන් ඉරියව් ක්‍රීඩිකා චමරි අතපත්තු නම් කර තිබේ. මෙම සංචිතයට පළමු වරට වමතින් වේග පන්දු යවන්නියක් වන 18 හැවරදි ක්‍රීඩිකා තාරිකා සෙව්වන්දිව ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

දකුණු අප්‍රිකාණු සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට විස්සයි විස්ස තරඟ තුනකට (03) සහ එක්දින තරඟ තුනකට (03) ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. පළමු විස්සයි විස්ස තරඟය පෙබරවාරි පළමු(01) වැනිදා කේප් ටවුන් හිදී ආරම්භ වීමට නියමිත අතර දෙවැනි තරඟය (03) සහ අවසන් විස්සයි විස්ස තරඟය (06) වැනිදා සෙන්චූරියන් හිදීත් පැවැත් වේ.

අනතුරුව පෙබරවාරි 9 වැනිදා පුහුණු තරඟයකට එක්වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 11 , 14 සහ 17 දිනවලදී එක් දින තරඟ තුන පොට්චෙස්ෆ්ස්ටරූම් හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව පැවසේ. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උමේෂා තිමාෂිනී ශාරීරික යෝග්‍යතාව මත ක්‍රීඩා කිරීමට යොදවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

අනුමැතිය හිමි වී ඇති 15 දෙනකුගෙන් යුත් සංචිතය:

1. චමරි අතපත්තු (නායිකා)

2. ප්‍රසාදිනි විරක්කොඩි

3. අනුෂ්කා සංජීවනී

4. තාරිකා සෙව්වන්දි

5. හසිනි පෙරේරා

6. ඉමල්කා මෙන්ඩිස්

7. හර්ශිතා සමරවික්‍රම

8. ශශිකලා සිරිවර්ධන

9. නිලකෂි ද සිල්වා

10. උමේෂා තිමාෂිනී

11. කවීෂා දිල්හාරි

12. අචිනි කුලසූරිය

13. උදේශිකා ප්‍රබෝධිනී

14. ඉනෝකා රණවීර

15. ඕෂධී රණසිංහ


සටහන : නුවන් ජයතිස්ස