පීඩනය වැඩි කරගත් සිමෝනා-(වීඩීයෝ සහිතයි)

මේ දිනවල කාගේත් කතා බහට ලක්වෙන ඔස්ට්‍රේලියානු විවෘත ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවලියේ දවසින් දවස ටෙනිස් ක්‍රීඩාලෝලීන් කුතුහලයට පත් කරමින් හැකියාවත් වාසනාවත් මත කෝඩුකාරයන් මෙන්ම පළපුරුදුකාරයින් ඉවතට විසි කරමින් වටයෙන් වටය ඉදිරියට යමින් සිටින ලෝක පූජිත ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තීරණාත්මක සිව්වැනි වටයේ එළිපත්තට පැමිණ සිටිති.

මෙවර තරඟාවලියේ සිව්වැනි දිනය නිමාවට පත්වන විට කාන්තා ටෙනිස් ශේණිගත කිරීම් වල අංක එකේ ක්‍රීඩිකාව වන රුමේනියාවේ සිමෝනා හීල්ප් ඇමරිකාවේ සොෆියා කෙනින් ලකුණු 6-3ක් , 6-7ක් සහ 6-4ක් ලෙස පරාජයට පත් කරමින් ඊලඟ වටයට මුහුණ දීමට ඇත්තේ ශේණිගත කිරීම් වල හිටපු අංක එකේ ක්‍රීඩිකාවක් වන ඇමරිකාවේ විනස් විලියම්ස්ට එරෙහිවය.
ගිය වසරේදී මෙම තරඟාවලියේ අනුශූරීය වූ සිමෝනාට තුන්වන වටයේදී මුහුණ දීමට ඇත්තේ ලෙහෙසි පහසු අභියෝගකට නොවේ. මෙවර තරඟාවලියේ වැඩිම පීඩනයට ලක්ව සිටින ක්‍රීඩිකාව බවට පත්ව ඇත්තේද සිමෝනාය එයට හේතුව නම් අර්ධ අවසන් පූර්ව වටයට මෙන්ම අවසන් වටයටද රිංගා ගැනීමට නම් කලක් ටෙනිස් පිටියේ ආධිපත්‍යය පතුරුවාලමින් සිටිය විලියම්ස් සහෝදරියන් දෙදනාම පරාජය කළ යුතු නිසාවෙනි. වඩාත් බරපතළම ප්‍රතිවාදිනිය වන සෙරීනා මේ වතාවේ තමන් හමුවීමට පෙර අක්කා ඒවා තිබීම වඩාත් උණුසුම්කාරී ස්භාවයක් ගන්නා බව කාගේත් කතා බහට ලක්ව තිබේ. රුමේනියානු ක්‍රීඩිකාවක් මෙවන් ඉරණමකට මුහුණ දෙන්නේ පළමු වතාවටය.
මේ අතර කාගේත් කතා බහට ලක්ව ඇති ක්‍රීඩිකාව ලෙස විනස් ගේ නැගැණිය සෙරීනා විලියම්ස් ඊයේ තුන්වැනි වටයට සුදුසුකම් ලැබුවේ කැනඩාවේ එවුගිනි බවුවාඩ් කිසිදු අපහසුවකින් තොරව පරාජය කරමිනි.මෙවර තරඟාවලියේ ශූරතාව ඇය දිනා ගන්නට වැඩි ඉඩකඩක් ඇති බව සඳහන්. පෙනන හැටියට ඇය සිය වාර්තාගත 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව වේගයෙන් හඹා යමින් සිටින අතර තුන්වන වටයේදී යුක්රේනයේ ඩයනා යැස්ටරෙම්ස්කා ඉවතට තල්ලු කර දමා අවසන් 16දී සිය සොයුරිය විනස් හෝ සිමෝනා හමුවීමට බලාපොරොත්තුවෙන් පසු වන්නීය.
අද තරඟාවලියේ සිව්වන වටයේ තරඟ පැවැත්වෙන දිනයයි. සිමෝනා හීල්ප් සහ විනස් විලියම්ස් හා මාරියා ෂරපෝවා සමඟ කැරොලින් වොස්නියැකි අතර තරඟයද අද පැවැවේ.



රුමේනියාවේ සිමෝනා හීල්ප්


ඇමරිකාවේ විනස් විලියම්ස්

සිමෝනා හිල්ප් සහ සොෆියා කෙනින් අතර තරඟයේ විශේෂ අවස්ථා පහතින්

සටහන : නුවන් ජයතිස්ස