කුසල් මෙන්ඩිස් ට ඔස්ට්‍රේලියානු තරඟ අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම සමඟ පැවැත්වෙන තුන්දින පුහුණු තරඟයේදී කුසල් මෙන්ඩිස් ආබාධයකට ගොදුරු වූවා.

ෂෝට් ලෙග් (short leg)හි පන්දු රකිමින් සිටියදී ඔස්ට්‍රේලියානු පිතිකරු ජේක් ඩොරන් විසින් එල්ල කරන ලද වේගවත් පහරක් පන්දුව අතේ වැදීමෙන් ඔහු ආබාධයට ලක් උන අතර ඒ හේතුවෙන් කුසල් මෙන්ඩිස්ට පිටියෙන් ඉවත්වීමට සිදු උනා.
අනතුරුව එහි පන්දු රැකීමේ යෙදුනු රොෂේන්ට ද අවස්ථා 2ක දී පන්දුව අතේ වැදීමෙන් දැඩි අපහසුතාවයට ලක් උන අතර ඉන් දෙවන අවස්ථාවේදී ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන අයුරු ද දැක ගන්නට ලැබුනා.
තුන්දින පුහුණු තරඟයේ දෙවන දිනය වන අද (18)  ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටින අතර එකදු කඩුල්ලක් හෝ නොදැවී ලකුණු 59 ක් ලබා සිටී.
දිමුත් කරුණාරත්න නොදැවි ලකුණු 41ක් හා ලහිරු තිරිමාන්න නොදැවි ලකුණු 18 යි.
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම සිය පළමු ඉනිම කඩුලු 5ක ට ලකුණු 316ක් ලබා සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කල අතර කර්තිස් පැටර්සන් නොදැවි ලකුණු 157ක් හා ජේක් ඩොරන් නොදැවී ලකුණු 102ක් ලබා ඉතා අසරණ තත්වයක පසුවූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ගොඩ ගනු ලැබුවා.පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු 3ක් හා කසුන් රාජිත කඩුඩු 2ක් දවා ගැනීමට සමත් උණා.
සටහන : නුවන් ජයතිස්ස