17 වැනිි Singer – Blue and Gold අභියෝග කුසලාන ධර්මරාජ විදුහල

27 July 2016 at the National Hockey Centre, Glasgow Green, Scotland. EuroHockey U18 Championships II. Day 4 Scotland v Ukraine

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ශක්තිය ඇතිව කොළඹ රාජකීය විද්‍යාලය හොකී සංගමය විසින් සංවිධානය කරන ලද 17 වැනිි Singer – Blue and Gold අභියෝග කුසලාන ආරාධිත පාසල් වයස අවුරුදු 20 න් පහළ හොකී තරග මාලාවේ බාලක ශූරතාව මහනුවර රැගෙන යන්නට ධර්මරාජ විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ ගවිසිහත් වසරක අතීතයකට හිමිකම් කියන Singer – Blue and Gold අභියෝග කුසලාන හොකී තරග මාලාවේ ශූරතාව මහනුවර ධර්මරාජ විදුහල දිනාගත් පළමු අවස්ථාව මෙවර වීම විශේෂ සිද්ධියකිග එකී අනුශූරතාවය වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විද්‍යාලය දිනා ගත් අතර මාතලේ සහිරා විදුහලට දෙවන අනුශූරතා හිමිවියග

මෙවර තරගමාලාවේ බාලිකා ශූරතාව මහනුවර සීතාදේවි බාලිකා විදුහල දිනාගත් අතර අනු ශූරතාව නාවල ජනාධිපති බාලිකා විදුහල සතු විය ගබාලිකා අංශයේ දෙවන අනුශූරතාව වෙන්නප්පුව ශුද්ධවු පවුලේ කන්‍යාරාමයට හිමි විය ග
අදාල ශුරතා කුසලාන සීතාදේවි බාලිකා විදුහලට හිමි වූ සත් වැනි වාර්තාගත අවස්ථාව මෙය වීම විශේෂත්වයකි ග

දිවයිනේ ප්‍රමුඛතම පාසල් 53 ක සහභාගිත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පවත්වන ලද මෙවර තරඟ මාලාවේ තීරණාත්මක අවසන් තරගය අධික වර්ෂාවෙන් බාධා ඇති වූ හෙයින් ජයග්‍රහි කණ්ඩායම් තෝරා ගැනීමගැනිම සඳහා දඬුවම්විඳිම් උපයෝගී වූ කරගැනීමටසංවිධායකයිනහට සිදුවිය ග

මෙවර බලකා අංශයේ ,පළඟ, ශූරතාව තහවුරු කරගැනීමට කොළඹ ආනන්ද විදුහල සමත් වූ අතර එකී අනුශූරතාව ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සතු වියගඑකී තෙවැනි ස්ථානය මාතලේ ක්‍රිස්තුදේව විදුහලට හිමි විය ග
බාලිකා අංශයේ ,පළඟ, ශූරතාව මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහල දිනා ගත් අතර කොළඹ විශාඛා විදුහලට අනුශූරතාව හිමිවිය ගඑකී තෙවන ස්ථානය පානදුර සුමංගල බාලිකා විදුහල සතු විය ග

,බඳුන, අංශයේ බාලක ශූරතාව මාතලේ සාන්ත තෝමස් විදුහල දිනාගත් අතර බාලිකා ශූරතාව කොළඹ බිෂොප් විදුහල සතු විය ග එම අංශයේ බාලක සහ බාලිකා අනුශූරතාව පිළිවෙලින්මහනුවර විද්‍යාර්ථ විදුහල සහකොළඹ යශෝධරා බාලිකා විදුහල විසින් හිමිකරගත්හගඑකී තෙවන ස්ථාන බදුල්ල ධර්මදූත විදුහලට සහ කොළඹ කාන්තා විදුහලට හිමි විය ග