ලෝක කුසලානයට පසු ශ‍්‍රී ලංකාව ඉතිහාසයේ ලොකුම විස්සයි විස්ස ජය ලබයි

පාකිස්තානය සමග පැවැති තෙවැනි විස්සයි විස්ස තරගයෙන් කඩුලූ 13 ක ජයක් ලැබූ ශ‍්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානට පසු ලද විශාලතම විස්සයි විස්ස ජයග‍්‍රහණය වාර්තා කිරීමට අද (09 දා* ලාහෝර් ගඩාෆි ක‍්‍රීඩාංගණයේදී සමත් විය.
ලකුණු 148 ක ජයග‍්‍රහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තානයට අවසන් පන්දුවාරයේදී ලකුණු 28 ක් ජයග‍්‍රහණයට අවශ්‍යව තිබුණද එහිදී ඔවුන්ට ලබාගත හැකි වූයේ ලකුණු 15 ක් පමණි. කෙසේ වෙතත් තරගාවලිය පුරාවටම දක්ෂතා දැක්වූ වනි\ු හසරංග අවසන් තරගයේ සහ තරගාවලියේ වීරයා වශයෙන් සම්මාන දිනා ගත්තේය.
1996 ලෝක කුසලාන දිනා ගත් ක‍්‍රීඩාංගණයේදීම ශ‍්‍රී ලංකාව මෙම සුවිශේෂී ජයග‍්‍රහණය සටහන් කිරීමට විශේෂත්වයකි. ජයග‍්‍රහණයෙන් පසු ක‍්‍රීඩාංගණය වඩා ගිය ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්යට පාකිස්තාන් පේ‍්‍රක්ෂකයන් අත්පොළසන් නදින් කෘතගුණ දැක්වීමද විශේෂත්වයකි. ජයග‍්‍රාහී ශ‍්‍රී ලංකා කණ්ඩායම අද රාත‍්‍රියේදීම ශ‍්‍රී ලංකාව බලා පිටත්ව යෑමට නියමිත අතර ඔවුන්ව පිළිගැනීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විශේෂ වැඩපිළිවෙළක්ද සකස් කර තිබේ.
පාකිස්තානය සිය මව්බිමේදී ලද විශාලතම විස්සයි විස්ස පරාජය මෙන්ම දෙවැනි වරට විස්සයි විස්ස තරගාවලියක් 3-0 කින් පරාජය විය.
ලකුණු පුවරුව
ධනුෂ්ක ගුණතිලක ප.අමීර් 08
සධීර සමරවික‍්‍රම ක.මු.කළා ප.වසීම් 12
භානුක රාජපක්ෂ ඇ.අසීම් ප.අමීර් 03
ඇන්ජලෝ පෙරේරා දු.දැවී ගියා 13
ඕෂධ ප‍්‍රනාන්දු නොදැවී 78
දසුන් ශානක ඇ.ෆාකර් ප.රියාස් 12
ළහිරු මධුෂංක ඇ.අහමඞ් ප.අමීර් 01
වනිඳු හසරංග දු.දැවී ගියා 06
අතිරේක 14
එකතුව පන්දුවාර 20 කදී කඩුලූ 7ට ලකුණු 147
කඩුලූ වැටීම – 1-24, 2-28, 3-30, 4-58, 5-134, 6-140, 7-147
පන්දු යැවීම
වසීම් – 4 0 18 1 උස්මාන්
අමීර් – සහදබ් ඛාන් – 4 0 32 0
රියාස් – 4 0 26 1
පාකිස්තානය
ෆාකර් සමාන් ප.රාජිත 00
බාබර් අසාම් ඇ.සමරවික‍්‍රම ප.කුමාර 27
හාරිස් සොහෙල් ස්ට.සමරවික‍්‍රම ප.හසරංග 52
සෆ්රාස් අහමඞ් ප.හසරංග 17
ඉමාඞ් වසීම් ඇ.ධනංජය ප.කුමාර 03
අසීෆ් අලී ඇ.ගුණතිලක ප.ධනංජය 01
ඉෆ්තිකාර් අහමඞ් නොදැවී 17
වහබ් රියාස් නොදැවී 12
අතිරේක 05
එකතුව පන්දුවාර 20 කදී කඩුලූ 6ට ලකුණු 134
කඩුලූ වැටීම – 1-00, 2-76, 3-94, 4-103, 5-104, 6-111
පන්දු යැවීම
රාජිත – 4 0 17 1 මධුෂංක – 4 0 36 0
ගුණතිලක – 1 0 15 0 කුමාර – 4 0 24 2
හසරංග – 4 0 21 3 සඳකැන් – 3 0 20 0