ක්‍රිකට් නිලවරණය කල් යයි

පෙබරවාරි මස 07 වනදාට නියමිතව තිබුණ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පෙබරවාරි මස 21 වනදා දක්වා කල් දැමීමට තීරණය කර තිබෙනවා.

නීතීපති දෙපාර්මේන්තුවේ උපදෙස් මත මෙම කල්දැමීම සිදු කළ බව ක්‍රීඩා අමත්‍යංශය පවසයි.
ඒ අනුව සති දෙකක කාලයකින් ක්‍රිකට් නිලවරණය කල් දැමීමට හේතුව වශයෙන් නව ක්‍රීඩා රෙගුලාසි වල පවතින ව්‍යාකූල තත්වයන් නිවැරදි කරගැනීමට බවත් ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවද දැනුවත් කරන බව ක්‍රීඩා අමත්‍යංශය වැඩි දුරටත් පැවසීය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට පෙබරවාරි 9 වැනිදා දක්වා පමණක් කාළය ලබා දී තිබුනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී මෙවර ජයන්ත ධර්මදාස , මොහාන් ද සිල්වා , ශම්මි සිල්වා , කේ.මතිවානන් සභාපති ධූරය සඳහා තරඟ වැදීමට නියමිතයි.
සටහන : නුවන් ජයතිස්ස