මරු පහරට ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දු යවයි – (වීඩීයෝ සහිතයි)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පැවැත්වෙන තුන් දින පුහුණු තරඟයේදී ෂෝට් ලෙග්  (short leg) හි පන්දු රකින ක්‍රීඩකයන්ගේ පන්දු රැකීම ගැන මේවන විට බොහෝ දෙනකුගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අවස්ථා තුනකදී ඔස්ට්‍රේලියානු පිතිකරු ජේක් ඩොරන් විසින් එල්ල කළ දැඩි පහරවල් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රකින්නන් දෙදෙනකු අබාධයට ලක් වීමත් සමඟය.
කුසල් මෙන්ඩිස් ප්‍රථමයෙන්ම පන්දුව වැදීමෙන් අබාධයට ලක්ව පිටියෙන් ඉවත්ව ගිය අතර අනතුරුව එහි පන්දු රැකීමේ යෙදුනු රොෂේන් අවස්ථා දෙකකදී පන්දුව වැදීමෙන් අපහසුතාවයට ලක්වන අයුරු දැක ගන්නට ලැබුනා. ඉන් දෙවන අවස්ථාවේදී ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ද කරනු අයුරු දැක ගන්නට ලැබුනා.
එකම තැන එකම ආකාරයට එකම පිතිකරුගේ එකම පහරින් ශ්‍රී ලංකා පන්දු රකින්නන් ඇද වැටීම ඩොරන්ගේ ප්‍රහාරය ලෙස විදෙස් මාධ්‍ය වාර්ථා කර ඇති බව සඳහන්.

එම අවස්ථා දැක්වෙන වීඩීයෝව පහතින්.

https://www.youtube.com/watch?v=FhPz7CyOp3E

සැකසුම :  නුවන් ජයතිස්ස