කනිෂ්ඨ පිරිමි හොකී තරග නොවැම්බර් 01, 02 සහ 03 බද්දේගමදී

(අනුරුද්ධ හේරත් බණ්ඩාර)
ජාතික කනිෂ්ඨ වයස අවුරුදු 21 න් පහළ පිරිමි හොකී තරග මාලාව නොවැම්බර් මස 01, 02 සහ 03 යන දිනවල ගාල්ල – බද්දේගම පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සංවිධායකයින් වන ශ්‍රී ලංකා හොකී සම්මේලනය පියවර ගෙන තිබේ.
ජාතික කනිෂ්ඨ පිරිමි හොකී තරග මාලාවක් ක්‍රියාත්මක වනුයේ වර්ෂ තුනකට පසුව වීම විශේෂත්වයකි.
සැප්තැම්බර් මස මුල් සතියේ ගාල්ල නගරයේ දී පැවැත්වීමට මුලින් සංවිධානය කෙරුණු මෙම තරගාවලියට සුදුසු ක්‍රීඩාංගණයක් ලබා ගැනීමේ අපහසුව හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමන්නට තීරණය කෙරුණි. ඒ අනුව මෙවර තරග මාලාව නොවැම්බර් මස 01, 02, 03 බද්දේගම ප්‍රදේශයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා හොකී සම්මේලන විධායක කමිටුව තීරණය කර තිබේ.
පසුගිය වර ශූරතාව දිනා ගන්නා ලද මහනුවර දිස්ත්‍රික් හොකී සංගමය සහ අනු ශූරයින් වූ මාතලේ හොකී සංගමය ඇතුළුව කණ්ඩායම් 11 ක් මෙවර තරඟාවලිය සඳහා සහභාගීි වීමට නියමිතය. කොළඹ, කළුතර, ගම්පහ, ශ්‍රී ලංකා පාසල් (GOLDS) ශ්‍රී ලංකා පාසල් ( MAROONS) කෑගල්ල, රත්නපුර, වෙළඳ සේවා, මාතර සහ සත්කාරක ගාල්ල මෙවර තරගාවලියට සහභාගී වන සෙසු කණ්ඩායම් වෙති.
මෙහි මූලික වටය කාණ්ඩ 04 ක් යටතේ ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරේ. අර්ධ අවසන් පූර්ව වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරග පැවැත්වේ.
ඒ ඒ කාණ්ඩවලට අයත් කණ්ඩායම් පහත දැක්වේ.
A කාණ්ඩය
ශ්‍රී ලංකා පාසල් (MAROONS)
කොළඹ
මාතර

B කාණ්ඩය
ගම්පහ
ගාල්ල
කළුතර
වෙළෙඳ සේවා

C
ඌව
මාතලේ
මහනුවර
කෑගල්ල

D
ශ්‍රී ලංකා පාසල් (GOLDS)වෙන්නප්පුව
රත්නපුරය