වෝනර්ලාගෙන් ඉගෙන ගන්න ගොඩක් තියෙනවා – රාජපක්ෂ කියයි

ඔස්ටේ‍්‍රලියානු පිතිකරුවන් වන ඬේවිඞ් වෝනර් සහ ෆින්ච් පන්දුවට පහරදුන් ආකාරයෙන් ගොඩක් දේවල් ඉගෙන ගැනීමට තිබෙන බවත් ඔවුන් පන්දු රකින්නන් අතරින් පන්දුව හතරේ සීමාවට යවන ආකාරයත් ඉතාමත් විශිෂ්ට බවද රාජපක්ෂ පවසයි.
‘‘මේ තරගයේදී ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. විශේෂයෙන් වෝනර් සහ ෆින්ච් පන්දුවට පහරදුන් ආකාරය බලන විට අපිට බොහෝ දේ ඉගෙන ගන්න තියෙනවා. ඔවුන් කඩුලූ අතර දිව යන අයුරු සහ ක‍්‍රීඩකයන් මැදින් පන්දුව තල්ලූ කරමින් ලකුණු ලබා ගන්නා හැටි අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම අපිට පුහුණුවීම් කරන්න දින කිහිපයක් තියෙනවා. ඒ කාලයේදී අපි ඉක්මනින් ඉගෙන ගත යුතුයි.’’
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර නොදුන්නේ ඇයිදැයි විමසන ලදුව භානුක රාජපක්ෂ පැවසුවේ මෙවැනි අදහසකි. ‘‘ඇඩිලේඞ් තණතීරුව මොනව වගේද කියලා හරියට දන්නෙ නැති නිසා තමයි කාසියේ වාසිය දිනලා මුලින්ම පන්දු යැවීමට තීරණය කළේ. ඒ කණ්ඩායමේ සාමුහික තීරණයක්. නමුත් ඒක අපිට ඒ තරම් හරියට වැඩ කළේ නැහැ. අපි බලාපොරොත්තු වු දේවල් ලැබුණෙ නැති වුණත් බලාපොරොත්තු අතහැරගත යුතුත් නැහැ.’’ශ‍්‍රී ලංකා පිතිකරුවන්ට මෙම තරගයේදී ලබාගත හැකිවුයේ ලකුණු 99 ක් පමණි. නමුත් සිය උපන්දිනය දවසේ පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස ශතකය වාර්තා කරගත් ඬේවිඞ් වෝනර් තරගයේ වීරයා බවටද පත්විය.
‘‘අපි පැරදුණත් නුවන් ප‍්‍රදීප්, ලසිත් මාලිංග සහ ලක්ෂාන් සඳකැන් හොඳට පන්දු යැව්වා. අපේ පන්දු යැවීම තව පොඞ්ඩක් හදා ගන්න ඕන. ඒ වගේම පිතිකරුවන් වශයෙන් හදා ගත යුතු දේවල් තියෙනවා. පළමු පන්දුවේ ඉදන් ගහන එක ලෙහෙසි නැහැ. අපේ සැලැස්මක් තිබ්බෙ පළමු පන්දු පන්දුවාර හය කඩුලූ නොදී ගිහින් අන්තිම ඕවර දහයේදී වේගයෙන් ලකුණු අරන් තරගය දිනන්න. සැලැස්ම ක‍්‍රියාත්මක කරන්න බැරිවුණා.’’
කණ්ඩායමේ කිසිම ක‍්‍රීඩකයකුට අනවශ්‍ය පීඩනයක් ලබාදී නැති බවද භානුක පළමු තරග පරාජයෙන් පසුව පැවසීය. ‘‘පීඩනය කණ්ඩායමේ කිසිම කෙනෙකුටවත් දෙන්නෙ නැහැ. ලකුණු 236ක් හඹා යෑම ලෙහෙසි නැහැ ඕනෑම කණ්ඩායමකට. අපිට පීඩනයක් කියලා දීලා නැතිව නිදහසේ ක‍්‍රීඩා කරන්න තමයි හැමෝටම කියලා තියෙන්නෙ.’