ශ්‍රී ලංකාව 2-0කින් ටෙස්ට් තරගාවලිය පරදී

සංචාරක එංගලන්තය සමගින් පැවැති දෙවැනි ටෙස්ට් තරගය කඩුලු 6කින් ශ්‍රී ලංකාව පරාජයට පත්විය. දෙරට අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය පළමු තරගයත් ජය ගැනීමට සමත්ව සිටි එංගලන්ත කණ්ඩායමට 2-0කින් තරගාවලියේ ජය හිමිවිය.
තරගයේ සිව්වැනි දිනය වූ අද දිනයේදී කණ්ඩායම් දෙකෙහිම කඩුලු 15ක් බිඳ වැටුණු අතර පළමු ඉනිමේදී ලද ලකුණු 37ක වාසියත් සමගින් දෙවැනි ඉනිමේදී ලකුණු 164ක අභියෝගයක් එංගලන්තයට ලබා දීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ අනුව අදාළ ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී පසුකර යෑමට එංගලන්තය සමත් විය.
ගාල්ලේදී පැවැති අදාළ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 381ක් වාර්තා කළේය. එංගලන්තය පළමු ඉනිම ලකුණු 344කට සීමා විය.