මිකී පාකිස්තානය ගැන දිමුත්ට කියයි

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරුවා වන මිකී ආතර් පාකිස්තානය සම්බන්ධයෙන් සියලූ තොරතුරු තමාට සහ කණ්ඩායමට කියා දුන් බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.
‘‘ඇත්තටම මිකී ආතර් කියන්නේ පසුගිය වසර තුනක කාලයේදී පාකිස්තානයේ හිටපු පුහුණුකරුවා. ඔහු ගොඩක් දේවල් පාකිස්තානය ගැන දන්නවා. ඒ නිසා අපිට පාකිස්තානය ගැන ගොඩක් දේ ඔහු ඉගැන්නුවා. අපි ඇවිල්ලා එළියට ආවේ පුහුණුවීම්වලට විතරයි. ඒ පුුහුණු සැසිය ඉතාමත් හොඳින් කළා. ඒ නිසා සියලමු ක‍්‍රීඩකයන් ඉතාමත් උනන්දුවෙන් ඉන්නවා තරගය වෙනුවෙන්.’’
පාකිස්තානයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේදී ගැටලූවක් තිබූ බවත් ඒ ගැටලූව පහව ගිය ආකාරය සම්බන්ධවත් දිමුත් වැඩිදුරටත් අදහස් පැවසීය. ‘‘ඇත්තටම පාකිස්තානයේ විස්තර අපි දැක්කෙ රූපවාහිනියෙන් හෝ පුවත්පත්වලින්. ඒ ලැබුණු වාර්තා අනූව පාකිස්තානය ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. නමුත් විස්සයි විස්ස සහ එක්දින තරගාවලියෙන් පසුව පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් මෙහි පැමිණි අපේ සහෝදර ක‍්‍රීඩකයන් අපිට සහතිකයක් ලබාදුන්නා. ඒ නිසා අපි ගැටලූවකින් තොරව පාකිස්තානයට ආවා. ඒ ආපු වෙලාවෙ ඉදන් ඉතාමත් හොඳ ආරක්ෂාවක් ලබාදෙනවා. මම විශ්වාස කරනවා ඉදිරියටත් ඒ ආරක්ෂාව තියේවි කියලා. මේක පාකිස්තානයට හොඳ අවස්ථාවක් ලෝකයේ අනිත් කණ්ඩායම් ගෙන්වා ගැනීමට.’’
කණ්ඩායමේ මානසිකත්වය ඉතාමත් හොඳින් තිබෙන බවත් පාකිස්තාන් කණ්ඩායම ඔස්ටේ‍්‍රලියාවේදී දැක්වු දුර්වල ක‍්‍රීඩා විලාශය හේතුවෙන් ඔවුන්ට පීඩනයක් තිබෙන බවත් දිමුත් පවසයි. ‘‘පාකිස්තානය පසුගිය කාලයේදී ඔස්ටේ‍්‍රලියාවේදී තරග කළත් ඔවුන් හොඳින් කළේ නැහැ. අපේ සැලසුම දිනෙන් දින සැලසුම් කරමින් ඉදිරියට යන්න. මෙහෙ සීත කාලගුණයක් තියෙනවා. අපි ක‍්‍රීඩකයන් හැටියට සීත කාලගුණය තියෙන රටවල සංචාරය කරලා තියෙනවා. ඒක ප‍්‍රශ්නයක් නැහැ ඉතාම ඉක්මනින් ඒ තත්ත්වයට හැඩ ගැහෙන්න පුළුවන්.’’