දකුණු ආසියා කාන්තා ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ දෙවන ස්ථානය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම

දකුණු ආසියා කාන්තා ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමත්ව ඇත.

ඒ ඔවුන් සහභාගී වූ තරඟ තුනම ජය ගනිමින්.

එම ලකුණු සටහනේ දෙවන ස්ථානය  හිමි කර ගෙන ඇත්තේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමයි.

ඔවුන් මේ වන විට තරඟ තුනකට සහභාගී වී ඇති අතර ඉන් තරඟ දෙකක් ජයග්‍රහණය කර ඇත.

සහභාගී වූ තරඟ තුනෙන් එක් තරඟයක් පමණක් ජය ගනිමින් නේපාල  කාන්තා කණ්ඩායම එම ලකුණු සටහනේ තෙවන ස්ථානයට පත්ව ඇත.

මේ අතර දකුණු ආසියා කාන්තා ක්‍රිකට් තරඟාවලියේ නේපාල කාන්තා කණ්ඩායම සහ මාලදිවයින් කාන්තා කණ්ඩායම අතර තවත් තරඟයක් අද පැවැත්විමට නියමිතයි.