පාකිස්තානයේ සහ ශ‍්‍රී ලංකාවේ විස්සයි විස්සේ අත්දැකීම මෙන්න

ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් කිහිපි දෙනෙකු කණ්ඩායමේ නොමැති වීමෙන් පාකිස්තානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ ශ‍්‍රී ලංකා සංචිතයේ සිටින සමස්ත කී‍්‍රඩකයන් ක‍්‍රීඩා කර ඇති තරග අත්දැකීම 128 කි. එහෙත් පාකිස්තාන සංචිතයේ සමස්ත එකතුව 402 කි.
පාකිස්තානයට පැමිණ සිටින ශ‍්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයේ දසුන් ශානක පමණක් තරග 30 ක් ක‍්‍රීඩා කර තිබේ. පාකිස්තාන සංචිතයේ ක‍්‍රීඩකයන් තිදෙනකු හැරුණු කොට අනෙක් සියලූම ක‍්‍රීඩකයන් අවම වශයෙන් තරග 10 කටත් වඩා ක‍්‍රීඩා කර ඇත. එහෙත් නවකයන් සිටියත් කණ්ඩායමට ජය ගත හැකි යැයි යන විශ්වාසයෙන් දසුන් පසුවේ.
දසුන් ශානකට අමතරව විස්සයි විස්ස තරග අත්දැකීම් බහුලම ක‍්‍රීඩකයා වන්නේ ඉසුරු උදාන (24* යි. මීට අමතරව ධනුෂ්ක ගුණතිලක (16*, ෂෙහාන් ජයසුරිය (13*, නුවන් ප‍්‍රදීප් (09*, ලක්ෂාන් සඳකැන් (08*, අවිශ්ක ප‍්‍රනාන්දු (06*, කසුන් රාජිත (06*, සධීර සමරවික‍්‍රම (6* ඇන්ජලෝ පෙරේරා (05*, වනිඳු හසරංග (03*, ළහිරු කුමාර (01* සහ ළහිරු මධුෂංක (01* යන ක‍්‍රීඩකයන් වේ. ඒ අනුව ශ‍්‍රී ලංකා සමස්ත සංචිතයේම සිටින ක‍්‍රීඩකයන්ගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ක‍්‍රීඩා ඇති සංඛ්‍යාව 128 කි.
නමුත් පාකිස්නයේ සර්ෆාස් අහමඞ් (55*, උමාර් අක්මාල් (82*, මොහොමඞ් අමීර් (42*, සහදබ් ඛාන් (32*, වහබ් රියාස් (27*, අසීෆ් අලී (21*, බාබර් අසාම් (30*, ෆාකර් සමාන් (30*, මොහොමඞ් නවාස් (16*, උස්මාන් ෂින්වරි (15*, මොහොමඞ් රිස්වාන් (13*, හාරිස් සොහෙල් (10*, ඉමාඞ් වසීම් (35*, ඉෆ්තිකාර් අහමඞ් (1*, ඉමාම් උල් හක් (1* සහ මොහොමඞ් හසනන් (1* එකතුව ක‍්‍රීඩා කර ඇති සමස්ත විස්සයි විස්ස තරග සංඛ්‍යාව 402 කි. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ පළපුරුද්ද පාකිස්තානය සමග සැසදීමේදී පැහැදිලි වුවද දක්ෂතා දැක්වීම එය අභියෝගයක් නොවන බවද දසුන් ශානක පවසයි.