නාවිකයන් හමුවේ ගුවන් බිංදුවට වැටෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පළමු පෙළ රග්බි තරගාවලියේ පස්වැනි සතියේදී ගුවන් හමුදාවට එරෙහිව 10-0 ක දැවැන්ත ජයක් ලැබීමට නාවික ක්‍රීඩකයෝ (01 දා)සමත් වූහ.
වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයට කාලගුණයෙන් බාධා ඇති වුවද නාවිකයන් සිය සුපුරුදු ආක්‍රමණකාරී ක්‍රීඩාව දිගටම කරගෙන යමින් ගුවන් හමුදාව බිංදුවටම ඇද දමමින් මෙම ජය පහසුවෙන්ම උදුරා ගත්තේය.
තරගයේ පළමු භාගය 7-0 ක් ලෙස පෙරමුණ ගැනීමට නාවිකයන් සමත් වූ අතර දෙවැනි භාගයේදී තවත් දඩුවම් පහරක් සමගින් මුළු ලකුණු සංඛ්‍යාව 10 දක්වා ඉදිරියට ගැනීමට නාවිකයන්ට හැකිවිය. ගෝල දිනුමක්, සහ දඩුවම් පහරකින් නාවිකයන්ගේ ලකුණු පුවරුව සටහන් විය.