කොරියානු තානාපති කුසලාන ගුවන් හමුදාව උස්සයි

ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබදතා ආරම්භ කරමින් වසර 40 ක් සපිරීම නිමිත්තෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති කොරියානු තානාපති කුකිවොන් කුසලාන ටයිකොන්ඩෝ ශුරතාව දිනා ගැනීමට ගුවන් හමුදාව සමත් වූ අතර එම අනුශුරතාව දිනා ගැනීමට නාවික හමුදාව සමත් විය.
වයස් කාණ්ඩ 6ක් යටතේ පැවැති අදාළ තරගාවලිය සඳහා තරගකරුවන් 1500 කට අධික පිරිසක් සහභාගි වූ බව ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය පවසයි. මීට සමගාමීව හිටපු ශ්‍රී ලංකා කොරියානු තානාපති වෑන් වන් සෑම් මහතා වෙත ලෝක ටයිකොන්ඩෝ මූලස්ථානයේ 6 ශ්‍රේණියේ ගෞරවාන්විත කළු පටි ප්‍රධානයද සිදුකෙරිණි.
ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති කාංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සංවිධානය කර තිබුණි.