ගුවන් ප‍්‍රහාරයකින් සී.එච්. ඇද වැටෙයි

අන්තර් ක‍්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් සති අන්තයේ ක‍්‍රියාත්මක වූ තරගවලදී කැපි පෙනෙනම ජයග‍්‍රහණය වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් විය. ඔවුන් පිට පිට තරග හයක් පරාජය වීමෙන් පසුව සී.එච්. ට පහරදීම විශේෂත්වයකි.
ගුවන් ක‍්‍රීඩකයන් විසින් සී.එච්. පිල ලකුණු 39-22 ක් වශයෙන් පරාජය කර දැමුවේය. ගුවන් හමුදාව පිට පිටම තරග හයක් පරාජයට පත්වීමෙන් පසු මෙම ජය ලැබීම විශේෂත්වයකි.
තරගයේ පළමු අර්ධය නිමා වන විටත් ගුවන් හමුදාව ලකුණු 27-8 ක් වශයෙන් පෙරමුණ ගත්තේය. තරගයේ ආරම්භයේ සිටම ලකුණු ලබා ගැනීමට ගුවන් හමුදා ක‍්‍රීඩකයන් සමත් වෙද්දී ඔවුන්ගේ විදෙස් ක‍්‍රීඩකයා වන ටුටෙයොයා ජේම්ස් උත්සහක දිනුමක් සාර්ථක කරමින් එය ගෝලයක් බවට පත් කළේය.