පොලිසියෙන් නැවියන්ට අභියෝගයක්

ලකුණු 24-10 ක් වශයෙන් පළමු භාගයේ ලබාගත් ඉදිරිය අඛණ්ඩව පවත්වාගත් නැවියෝ පොලිසිය සමග වැලිසර පැවැති තරගයෙන් ලකුණු 31-24 ක් ලෙස ජය වාර්තාකර ගැ‚න.
තරගයේ දෙවැනි භාගය ආරම්භවීමත් සමග හෂාන් ගෝමස් සහ සුජාන් කොඩිතුවක්කු විසින් වාර්තාකරන ලද උත්සාහක දිනුම්හි ගෝල ප්‍රවර්තනයන් සන්දේශ්ගේ පාදයෙන් වාර්තාවීමත් සමග දෙපිලේ ලකුණු තත්ත්වය 24-24 ක් වශයෙන් දිස්විය.
කරට කර සටනක්ව පැවැති අදාළ තරගයේ වාසිය ගනිමින් 70 වැනි මිනිත්තුවේදී කි්‍රයාත්මක වූ දුලාංජන විෙජ්සිංහ වාර්තා කරන ලද උත්සාහක දිනුමේ ගෝල ප්‍රවර්තනය තිළිණ වීරසිංහ විසින් වාර්තාකර ගැනීමත් සමග ජයග්‍රහණය නැවියන් සතු විය.

මහනුවරට තවත් ජයක්
රත්මලානේදී සිය ජයග්‍රාහී ගමනට තවත් ජයක් එක්කරගත් මහනුවර ක්‍රීඩා සමාජය ගුවන් හමුදාව සමග පැවැති තරගයෙන් ලකුණු 55-13 ක පහසු ජයක් ලැබීය.
උත්සාහක දිනුම් නවයක් සහ ගෝල ප්‍රවර්තන පහකින් ජය තහවුරු කරගත් මහනුවර පිල හමුවේ ගුවන් හමුදාවට සාර්ථක කරගත හැකිවූයේ පැනල්ටි ට්‍රයි එකක් සහ දඩුවම් පහරක් පමණි.

හැව්ලොක්ස් හමුවේ සී.එච් ඇද වැටෙයි
කොළඹ තුරග තරග පිටියේ පැවැති තරගයේදී සී.එච්. ඇන්ඩ් එප්.සී. පරාජයට සේනදුකළ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අදාළ තරගයෙන් ලකුණු 31-26 ක ජයක් වර්තාකර ගත්තේය.
උත්සාහක දිනුම් තුනක් දඩුවම් පහර හතරක් සහ ගෝල ප්‍රවර්තනයන් දෙකකින් හැව්ලොක්ස් ලකුණු පුවරුව ඉහළ යද්දී සී.එච්. ලකුණු පුවරුවේ දැක්වූූූයේ උත්සාහක දිනුම් හතරක් සහ ගෝල ප්‍රවර්තනයන් තුනක් පම‚.