‌පන්දුව පළුදු කළ දසුන් ශානකට තරග මුදලින් 75%ක දඩයක් සහ තරග තහනම් වීමේ අවධානමක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නාග්පූර් හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය වූ ඊයේ පන්දු යෑවූ කණ්ඩායම වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කරන දසුන් ශානක පන්දුව කඩතොලු කිරීමට වරද කරු වීම හේතුවෙන් සිය තරග ගාස්තුවෙන් සියයට 75ක දඩයක් නියම කිරීමට තරග තීරක වන ඩේවිඩ් බූන් කටයුතු කර ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නීති රීති අනුව 41.3 ඡේදයේ සදහන් පරිදි පන්දුවේ හැඩය වෙනස් කිරීමට යන වරදට දසුන් ශානක වරදකරු බවට පත්ව ඇති අතර එම වරදට උක්ත තරග මුදලින් සියයට 75ක දඩයට අමතරව දසුන් ශානගේ විනය විරෝධී ක්‍රියා සටහන් වාර්තාවට ප්‍රසාද ලකුණු 3ක් එක්කර තිබේ.
ඒ අනුව දසුන් ශානක ඉදිරි මාස 24 ඇතුලත මෙම විනය විරෝධි ක්‍රියා සටහන් වාර්තාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4 හෝ ඊට සංඛ්‍යාවකට ල‌ඟා වුවහොත් එනම් තවත් එක් ලකුණක් එක් කර ගැනීමට ක්‍රියා කළහොත් එය තරග තහනමකට ලක්වීමට ප්‍රමාණවත් වනු ඇත.